කොමර්ෂල් බැංකුව ජාඇල "K Zone" හි "ඩ්‍රයිව් තෲ" ATM යන්ත්‍රයක්‌ ස්‌ථාපිත කරයි



මෙරට තනි බැංකුවක්‌ සතු විශාලතම ATM යන්ත්‍ර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් කොමර්ෂල් බැංකුව පසුගියදා "වාහනයේ සිට මුදල් ලබාගත හැකි" තවත් "ඩ්‍රයිව් තෲ" ATM යන්ත්‍රයක්‌ ජාඇල "K Zone" හිදී ස්‌ථාපිත කළේය.

2014 ජූනි මස 26 වැනි බ්‍රහස්‌පතින්දා සිය සේවා ජාලයට අලුතින් එක්‌වූ නව ATM යන්ත්‍රය විවෘත කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්‌කොඩි මහතා විසිනි. මෙය ශ්‍රී ලංකාව තුළ කොමර්ෂල් බැංකුව සතු 594 වැනි ATM යන්ත්‍රය වන අතර බැංකුව සතු දෙවැනි ඩ්‍රයිව් තෲ ATM යන්ත්‍රයයි.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්‌කොඩි මහතා නව ඩ්‍රයිව් තෲ ATM යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන අවස්‌ථාවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.