ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගමේ අමතර කොටස්‌ අලෙවිකරුවන්ට රට සවාරි

සී/ස ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ අලෙවිය තුළින් කීර්තිමත් පාරිභෝගික විශ්වාසයකට හිමිකම් කියනු ලබන්නේ නවීන තාක්‍ෂණයෙන් පිරිපුන්ව, ඉහළ ඉන්ධන පිරිමැස්‌මක්‌ සහිතව බජාඡ් මෝටර් සයිකලය සහ ත්‍රිරෝද රථය විශිෂ්ට ක්‍රියාකාරීත්වයක්‌ සහතික කරන නිෂ්පාදනයක්‌ ලෙසින් පාරිභෝගික ජනතාව අතට පත්කර බැවිනි.

එපමණක්‌ද නොව පාරිභෝගික තෘප්තිය හා විශ්වාසය තව තවත් ඉහළට නංවන්නට සමාගමේ දීපව්‍යාප්ත අලෙවි ජාලය තුළින් සිදුකරනු ලබන සේවාවන්ද හේතු සාධක වී තිබේ. සමාගම මගින් අලෙවියෙන් පසු අසමසම විශිෂ්ට සේවාවක්‌ තම පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා බජාඡ් නියම අමතර කොටස්‌ අලෙවි ආයතන වෙතින් ඉටුකරනු ලබන කාර්යභාරය ඉමහත්ය. ඉතා වැදගත් පාරිභෝගික සේවාවන් ලෙසින් බජාඡ් නියම අමතර කොටස්‌ වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීමත්, ව්‍යාජ අමතර කොටස්‌ මගින් තම පාරිභෝගික ජනතාව ආරක්‍ෂාකර ගැනීමත් මූලිකතම කර්ත්‍යවයන් ලෙස සඳහන් කළ හැක.

එවන් සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටුකරනු ලබන සමාගමේ අමතර කොටස්‌ අලෙවි ජාලයේ අලෙවි හිමිකාරධුරයන් දරන මහත්ම මහත්මීන් සඳහා ඔවුනගේ සේවය අගය කරනු වස්‌ විශිෂ්ටතමයන් සියයට ඇගයීම් උළෙලක්‌ සමාගමේ බණ්‌ඩාරගම කාර්ටින් ධාවන පථය ආශ්‍රිත පරිශ්‍රයේදී පසුගිය මැයි මස දී පැවැත්විණි. සමාගමේ අමතර කොටස්‌ හා උපාංග අංශයේ විධායක අධ්‍යක්‍ෂ තුසිත මොල්ලිගොඩ මහතා විකුණුම් හා අලෙවි විධායක අධ්‍යක්‍ෂ ජගත් කුලතුංග මහතා සේවා අංශයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස්‌ට කැරන් මහතා සහ සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගිත්වය මුල්කොට ගෙන මෙම ඇගයීම් උළෙල ඉතා සාර්ථක ලෙස පැවැත්වුණු අතර ඒ සඳහා විශේෂිත වූ අංග ගණනාවක්‌ද අන්තර්ගතවිය. ඒ අතරින් සුවිශේෂ අවස්‌ථාවක්‌ වූයේ අමතර කොටස්‌ අලෙවිකරුවන් 60 දෙනකු සඳහා සමාගම මගින් විදේශ සංචාරයක්‌ නොමිලේ ප්‍රදානය කිරීමයි. මෙහිදී බැංකොක්‌ වෙත යැමට ඒමට ගුවන් ටිකට්‌පත් සහ දින කීපයක නිවාඩුවක්‌ ගත කිරීමට සමාගම මගින් අනුග්‍රාහකත්වය දරනු ලබයි.

සී/ස ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම මගින් මෙම විදේශ සංචාරය ලබන අගෝස්‌තු මස සැලසුම් කර ඇති අතර එයද වෙනස්‌ම වූ වින්දනීය නැවුම් අත්දැකීමක්‌ ලෙස තම අලෙවි ආයතන වෙත ලබා දීමට දැනටමත් සියලු කටයුතු සූදානම් කර පවතී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.