සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු වරට බහුවිනිමය ට්‍රැවල් කාඩ්පතක්‌ හඳුන්වා දෙයි



සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට විදේශ විනිමය වර්ග ගණනාවක්‌ එකවර භාවිතා කළ හැකි ට්‍රැවල් කාඩ්පතක්‌ හඳුන්වා දෙනු ලැබීය.

භාවිතය, ප්‍රවේශය හා සුරක්‍ෂිතභාවය පිළිබඳ නව මානයක්‌ එක්‌ කරමින් හඳුන්වාදෙනු ලැබූ මෙම ට්‍රැවල් කාඩ්පත විදෙස්‌ සංචාරයන් හි යෙදීමේදී නවතම අත්දැකීමක්‌ තහවුරු කරනු නොඅනුමානය.

ලොව ඕනෑම තැනකදී ඇමරිකානු එක්‌සත් ජනපද ඩොලර්, ස්‌ටර්ලිං පවුම්, යූරෝ, සවුදි අරාබියානු රියාල් සහ ඔස්‌ටේ්‍රලියානු ඩොලර් යන විදෙස්‌ මුදල් වර්ග පහම එකවර භාවිත කළ හැකි මෙම සුවිශේෂී ට්‍රැවල් කාඩ්පත සංචාරකයන් හට ලබාදෙනුයේ අනගි පහසුවකි. එහිදී ගනුදෙනු සිදු කරනු ලබන ඕනෑම ස්‌ථානයකදී කිසිදු විනිමය පරිවර්තන ගාස්‌තුවකට යටත් නොවී ඉහත සඳහන් විදේශ මුදල් වර්ග එකවර භාවිත කිරීමේ අවස්‌ථාව ලැබීම සෙලාන් ට්‍රැවල් කාඩ්පතේ ඇති සුවිශේෂීත්වයයි. වීසා හඳුනා ගැනීම සහිත මෙම පෙර ගෙවුම් කාඩ්පත මගින් ලොව පුරා මිලියන 30කට අධික වීසා බලයලත් වෙළෙඳසල් හරහා ඉතා පහසුවෙන් ගනුදෙනු කිරීමට අවස්‌ථාව සලසා දෙනු ඇත. තවද ගෝලීය වශයෙන් ස්‌ථාපිත මිලියන 2.2කට අධික වීසා බලයලත් ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තුළින්ද සෙලාන් ට්‍රැවල් කාඩ් මගින් ගනුදෙනු කළ හැකි වේ. මීට අමතරව අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් ගනුදෙනු කිරීමටද මෙම ට්‍රැවල් කාඩ්පත භාවිතා කළ හැකි වේ.

සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරි / ප්‍රධාන විධායක නිලධාරි කපිල ආරියරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තිස්‌ස නානායක්‌කාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) තිලාන් විඡේසේකර, රීසා අහමට්‌, නිරෝෂ් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් බහුවිනිමය ට්‍රැවල් කාඩ්පත හඳුන්වා දුන් අයුරු ඡායාරූපයේ .

ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.