නෙස්‌ලේ ප්‍රොෆෙෂනල් සමාගමෙන් ශ්‍රී ලාංකික කෝපි රසවතුන්ට 'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා'



නෙස්‌ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගනේසන් අම්බලවානර් මහතා විසින් 'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' යන්ත්‍රය හඳුන්වාදීමෙන් පසු කෝපි කෝප්පයක රස බැලූ අයුරු.

එම අවස්‌ථාවට සහභාගි වූ (ඡායාරූපයේ වමේ සිට) නෙස්‌ලේ ලංකා සමාගමේ උප සභාපති (අලෙවි) දීපාල් අබේවික්‍රම, සහකාර උපසභාපති (ව්‍යාපාරික කටයුතු සහ සන්නිවේදන) බන්දුල එගොඩගේ, නෙස්‌ලේ ප්‍රොෆෙෂනල් සමාගමේ සහකාර උප සභාපති ජගත් වෙදගේ යන මහත්වරුද ඡායාරූපයෙ වෙති. ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

නෙස්‌ලේ ප්‍රොෆෙෂන්ල් සමාගම ශ්‍රී ලාංකික කෝපි රසවතුන්ට පසුගියදා 'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' හඳුන්වා දෙනු ලැබීය.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති අති උත්කර්ෂවත් උත්සවයකදී සුපිරි තලයේ කෝපි පානයන් සාදාගත හැකි 'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' හ`ඳුන්වා දෙනු ලැබිණි.

'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' යනු ලෝකයේ ප්‍රමුඛතම කෝපි වෙළෙඳනාමය වන නෙස්‌කැෆේ සතු සියලුම ගුණාංග කැටි කර ගත් නව්‍යකරණයෙන් යුතු සැනෙකින් සුපිරි තලයේ කෝපි පානයන් සාදාගත හැකි යන්ත්‍රීය විසඳුමකි. කෝපි පානය ස`දහා ප්‍රියතාවයක්‌ දක්‌වන්නන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නිපදවා ඇති 'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' මගින් Espresso,
Americana, Cappuccino, Latte
Macchiato සහ Frappe මෙන්ම අයිසි කෝපි සහ Fර්චචැ නිපදවා ගැනීමට හැකියාව තිබේ.

මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ නෙස්‌ලේ ප්‍රොෙµෂනල් සමාගමේ සහකාර උප සභාපති ජගත් වෙදගේ මහතා, කෝපි පානය ප්‍රිය කරන්නන් සංඛ්‍යාත්මකව වේගවත් වැඩිවීමක්‌ පෙන්නුම් කරනවා. එසේම පසුගිය කාලසීමාවේදී නිදහසේ කෝපි කෝප්පයක්‌ රසවිඳීමට කැමැත්තක්‌ දක්‌වන පාරිභෝගිකයන් වෙනුවෙන් කැෆේහෙවත් අවන්හල් රැසක්‌ විවෘත වෙනවා අපි දුටුවා. සාමාන්‍ය කෝපි ආශ්‍රිත පානයන් නිපදවන යන්ත්‍රයක ඇති ගුණාංග සියල්ල 'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' හිත් අඩංගුයි. එසේම සාමාන්‍ය කෝපි ආශ්‍රිත පානයන් සකස්‌ කිරීමේ යන්ත්‍රයකින් අසම සම ලෙස වෙනස්‌ වන සුවිශේෂිතාවයන් කිහිපයක්‌ මෙම යන්ත්‍රය සතුයි. සරල ක්‍රියාකාරීත්වය සහ ඉතාමත් වේගවත්ව කෝපි ආශ්‍රිත පානයන් සකස්‌ කිරීමේ හැකියාව 'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' යන්ත්‍රයට තිබෙනවා.

'නෙස්‌කැෆේ ඇලෙගි්‍රයා' යන්ත්‍රය හඳුන්වාදීම නිසා නෙස්‌ලේ ප්‍රොෆෙෂනල් ආයතනයට මෙරට වෙළෙඳපොළේ තමන් හිමි කර ගෙන සිටින ස්‌ථානය තවත් ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. එමගින් ශ්‍රී ලාංකික කෝපි ආශ්‍රිත පානයන් සඳහා ලැදියාවක්‌ දක්‌වන පාරිභෝගිකයන්ට සැබෑ බැරිස්‌ටා කෝපි අත්දැකීමක්‌ ලැබෙනවා යෑයි මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ නෙස්‌ලේ ලංකා පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂක ගනේසන් අම්බලවානර් මහතා කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.