SLS තත්ත්ව සහතිකය දිනූ
එකම සනීපාරක්‍ෂක තුවාය ෆෙම්ස්‌



හේමාස්‌ මැනුµeක්‌චරිං සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රෝයි ජෝසප් මහතා වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා විසින් Sඛී තත්ත්ව සහතිකය ප්‍රදානය කළ අයුරු.

ඡායාරූපය - රංජිත් විමලසිරි

ශ්‍රී ලාංකීය නූතන කාන්තාවන්ගේ කාර්යභාරය සැලකිය යුතු ලෙස පරිනාමණය වී ඇත්තේ වඩාත් ක්‍රියාශීලී, බහුවිධ ජීවන රටාවකට හිමිකම් කියන්නියක වශයෙන්. මෙම නවීන කාන්තාවන්ගේ විවිධ වූ අවශ්‍යතා මනා කොට අවබෝධ කරගෙන ඇති ෆෙම්ස්‌ කාන්තා සනීපාරක්‍ෂක තුවා නව මාදිලි රැසකින් එන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සනීපාරක්‍ෂක තුවා වර්ගයකි.

කවදත් ඉහළම නිෂ්පාදන තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වූ වෙළෙඳ නාමයක්‌ වන ෆෙම්ස්‌ සඳහා කීර්තිමත් SLS තත්ත්ව සහතිකය ප්‍රදානය කිරීම පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී සිදු කෙරිණි. ඒ සමගම එම Sඛී තත්ත්ව සහතික ජයග්‍රහණය කළ එකම සනීපාරක්‍ෂක තුවා වර්ගය බවට පත්වීමේ ගෞරවය ලැබීමටද ෆෙම්ස්‌ සමත් විය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබාදෙන මෙම SLS තත්ත්ව සහතිකය, හේමාස්‌ මැනුµeක්‌චරිං සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රෝයි ජෝසප් මහතා වෙත ප්‍රදානය කරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා විසිනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.