වකුගඩු රෝගී තරුණයා ඔබේ පිහිට පතයි

වැල්ලම්පිටිය පොලිස්‌ බල ප්‍රදේශයේ 25/2, අඹගහහන්දිය, ගොතටුව, අංගොඩ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 26 තරුණයකු වන මොහොමඩ් ඉර්ෂාඩ් (ජා.හැ. අංක 881751577) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ නෙගටිව් වර්ගයේ වකුගඩුවක්‌ කඩිනමින් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

උපන් දිනයේදීම පියා ඔහු හැරගොස්‌ ඇති අතර මව ආර්ථික අපහසුතා රැසක්‌ මැද ජීවත්වන මෙම තරුණයාගේ ජීවිතය බේරා ගැනීම පිණිස වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමැති පින්වත් පරිත්‍යාගශීලියකුගේ සහයෝගය කාරුණිකව බලාපොරොත්තු වේ. එවැනි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0758115590 දුරකථන අංකයට අමතන ලෙසද කාරුණිකව ඉල්ලා සිටි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.