ලෙබනන් හිර ගෙදර විඳවන අනූෂාය
මහ උන් සැළකුවේ ඇය හට මෙලෙසාය


අනුෂා දිසානායක මේ වනවිට ඉන්නේ ලෙබනන්වල ගැටුම් සහිත කලාපයක පිහිටා ඇති ටි්‍රපෝලි හිරගෙදරය. ඇය සිරගත වන්නේ 2010 දීය. ඒ මිනීමැරුම් චෝදනාවකට ලක්‌වීමෙන්ය. ඇය ගැන දිවයිනට කියන්නේ ලෙබනන් මානව හිමිකම් මධ්‍යස්‌ථානයේ නීති අංශයය. ඒ කතාව අසන්නට පෙර අප අපේ රටේ අනුෂා දිසානායක ගැන තොතුරු සොයාගතයුතුව තිබිණි. සියඹලාණ්‌ඩුවේ පිහිටි ඇගේ නිවස සොයාගෙන දිවයින මාධ්‍යවේදී මාපා තිලකසූරිය යන්නේ ඇයට වී ඇති නින්දාසහගත අවනඩුවේ ස්‌වරූපයේ එක්‌ පැත්තක්‌ කියන්නටය. මුලින්ම අප සටහන් කරන්නේ යාපා තිලකසූරියට අනුෂාගේ දෙමව්පියන් හා සොයුරු සොයුරියන් කී කතාවය.



අනුෂා දිසානායක

ඇය සියඹලාණ්‌ඩුව අම්පාර පාරේ පදිංචිකාරියකි. එක්‌ දරු මවකි. හත්දෙනකුගෙන් යුතු දුගී පවුලක තෙවැනියා අනුෂාය. ඇගේ පියා පෙදරේරුවෙකි. ගමේ ඉස්‌කෝලෙන් සාමාන්‍ය පෙළ හදාරන අනුෂා විසි වයස්‌ පිරෙන්නට පෙරම කොළඹ ගාර්මන්ට්‌ එකක රැකියාවට යන්නීය. එතැනදී හ`දුනාගත් දඹුල්ල ප්‍රදේශයේ තරුණයෙක්‌ හා විවාහ වන්නීය. එතැන්සිට ඇයගේ පවුලේ ඇත්තන් අපට කී කතාව මෙසේය.

"අනුෂා විවාහ වුණේ දඹුල්ල පැත්තෙ කෙනෙක්‌ එක්‌ක. එයාට දුව ලැබුණේ 2000 අවුරුද්දෙ. දරුවා ලැබිලා ටික දවසකින් එයා රට ගියා. ගිහින් අවුරුදු තුනක්‌ ඉ`දලා ආවා. ආපහු ගෙදර තියෙන ආර්ථික තත්ත්වය උඩ එයා දරුවා ඉස්‌කෝලෙ යන වයස ආවාම ලෙබනන් යන්න ලෑස්‌ති උනා. ඒ වෙනකොට මේ අනුෂයි මහත්තයයි අතරෙ සම්බන්ධය දෙදරලා තිබුණා. එයා අයෙත් 2006 අවුරුද්දෙ ලෙබනන් රටට ගියා."



"මෙහෙම ගිහින් අවුරුදු තුනක්‌ ගියා. අනුෂා ගෙදරට කතා කරලා කිවුවා අනේ දැන්නම් ඉන්න හරි අමාරුයි. පුළුවන්නම් මාව ලංකාවට ගෙන්න ගන්න කියලා. ඒ වෙනකොට 2009 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ. අපි මේ ගැන කියන්න කොළඹ ආවා. ඇවිත් විදේශසේවා නියුක්‌ති කාර්යාංශයට පැමිණිලි කළා. ජනාධිපතිතුමාට ලිව්වා. රංජන් රාමනායක මහත්තයා ඒ වෙනකොට මැදපෙරදිග දුක්‌ වි`දින කාන්තාවො ගැන කතා කරමින් හිටිය නිසා එතුමටත් ගිහින් මේ ගැන කිව්වා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උත්තරයක්‌ ආවා මේ ගැන ක්‍රියාකරන්න තොරතුරු මදි කියලා. විදේශසේවා නියුක්‌ති කාර්යාංශයෙන් වචනයක්‌වත් කිව්වෙ නෑ."

අනුෂාගේ බාල සොයුරා අප හා කතා කළේය. "අපි අක්‌කව ගෙන්න ගන්න වලිකෑවෙ 2009 සැප්තැම්බර් ඉ`දලා. අම්මලා තාත්තලා ඒ වෙනුවෙන් නොගිය තැනක්‌ නෑ. විදේශසේවා නියුක්‌ති කාර්යාංශය අපි කියන එකට කන් දුන්නෙ නෑ. අක්‌කව ගෙන්න ගන්න බැරිඋනා. අන්තිමට අක්‌කා මිනීමරුවෙක්‌ උනා."

තවත් විශේෂ ප්‍රශ්නයක්‌ ඔවුන්ගෙන් ඇසිය යුතුව තිබිණි.

"අනුෂා ලෙබනන් පොලිස්‌ අත්අඩංගුවට පත්වනවිට ලෙබනන් තානාපති කාර්යාලයට භාරදුන් එයාගෙ රත්තරං බඩුයි සල්ලියි ගෙදර අයට හම්බු උනාද?."

"මොන බඩුද මහත්තයො... මහත්තයලා කියනකම් අපි ඒ ගැන කිසිදෙයක්‌ දන්නෙ නෑ..." ඔවුහු අප සමග කීහ.

සිවු වසරක්‌ සිරගෙදර සිටි ඇයගේ නඩුව වසරකට පසු පසුගිය ජූලි 01 දා ලෙබනනයේ බාබ්දා උසාවියේදී ඇසිණි. එහිදී ඇයව ලෙබනන් ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්නට හමුවිය. පසුගිය සතියේ තානාපතිවරයකුගේ දිනපොත තීරය ලියන ලෙබනන් තානාපති රංජිත් ගුණරත්න ලියා තිබුණේ ඇය තානාපති මහත්වරුන්ට භාරදුන් රන් භාණ්‌ඩ හා මුදල් ගෙදරට ලැබුණාදැයි ඇය තවම නෙදන්නා බවයි.

මේ අතර අපට ලෙබනන් මානව හිමිකම් මධ්‍යස්‌ථානයේ අනුෂා දිසානායකගේ සිද්ධිය පිළිබ`ද කටයුතු කරන නිලධාරිනියක්‌ සම්බන්ධ කරගැනීමට අවස්‌ථාව ලැබෙන්නේය. ඇය දීර්ඝ ලෙස මේ සිද්ධිය ගැන කතාකරන්නීය. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය එම ආයතනයේම හස්‌නා අබ්දුල් රෙදා ය. මේ සමස්‌තය ගැන අප කියනවාට වඩා එම මානව හිමිකම් නිලධාරිනියගේ දෘෂ්ටියෙන් විමසීම වටින්නේය. මේ සිදුවීම පිළිබ`ද ඇය කියනා කතාව පදනම් කරගෙන මේ ලිපිය මෙතැන් සිට පෙළගැසෙන්නේ එබැවිනි.

අනුෂා දිසානායක ලෙබනන් ජාතික මානව හිමිකම් නිලධාරිනියකගේ ඇසින්

දිනය ජුලි පළමුවැනිදාය. අනුෂා දිසානායක නමැති මිනීමැරම් චෝදනාවට ලක්‌වී සිටිනා ශ්‍රී ලාංකික කාන්තාවගේ නඩුව විභාගයට පත්වන්නේ එදිනය. විදේශයකදී මේ නොදියුණු නූගත් මිනිසුන්ගේ දුක්‌ත ඉරණම අප කම්පනයට පත් කරවන්නේය.

ඇත්තම කියනවානම් ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයින් අතපල්ලෙන් වැටුණු කාලකණ්‌ණින්ය. ඒ කාලකණ්‌ණිකමේ ප්‍රමාණය ඔවුන්ගේ තානාපති කාර්යාල වලින් පිළිබිඹු වන්නේය. ලෙබනනයේ ටි්‍රපොලි සිරගෙදර පුරා සිවු වසරක්‌ නඩු නැතිව සිරවී සිටින මේ කාන්තාවගේ නඩුව වසරකට පසු යළිත් කැ`දවා තිබුණේ ජූනි මස 20 වැනිදාය. ඒ බව ලෙබනනයේ මානව හිමිකම් මධ්‍යස්‌ථාන පාර්ශවයෙන් මම තානාපති කාර්යාලයට දැනුම් දුන්ණෙමි. තමන්ගේ රටේ දුක්‌ත තත්ත්වයට පත් මේ කාන්තාවට පිහිටවනු තබා ඔවුන් ඇය වෙනුවෙන් භාෂා පරිවර්තකයෙක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් නොවූයේය. එබැවින් යළිත් වරක්‌ මම ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සෘජුවම දුරකථනයෙන් සම්බන්ධ කරගතිමි. මා කලින් ඇමතූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරියා භාෂා පරිවර්තකයන් ලබා දෙනවා තබා නඩුව සම්බන්ධව තානාපතිවරයාව දැනුවත් කර තිබුණේවත් නැත. ඇයගේ නඩුව නැවත අද (ජූලි 31) නැවත කැ`දවන විට භාෂා පරිවර්තක ලෙස පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා තානාපති වරයාය. මෙහි අරුත කුමක්‌දැයි නොවැටහෙතත් මේ ආගමනය මා පුදුමයට පත්කර තිබුණේය.

අපේ කාර්යාලයේ ඇති දත්ත වලට අනුව මේ මොහොත වනවිට ශ්‍රී ලාංකික කාන්තාවෝ අටදෙනෙක්‌ ලෙබනනයේ සිරක`දවුරු වල සිරබත් කමින් සිටිති. මා අභියස සිටින්නේ එවැනි එක්‌ කාන්තාවකි. ඇය අනුෂා දිසානායකය. ලංකාවේ ඈත දුෂ්කර ගමක සිට ජීවිතය ගොඩනගාගන්නට ලෙබනනයට පැමිණි ඇයට ජීවිතය වැරදී තිබිණි. සහමුලින්ම වැරදී තිබිණි. ඇය 2006 වසරේදී ලෙබනනයට එන්නේ එක්‌ දරු මවක්‌ ලෙසය. සැමියා විසින් හැරදමා ගිය හුදකලා ගැහැනියක ලෙසය.

මනුෂ්‍ය සම්බන්ධතා වල ස්‌වරූපය රූල් ගසා කොටුකර පෙන්වාදිය හැකි නොවේ. මෙම කාන්තාව ජීවිතයෙන් හුදකලාවී පලා ආ තැනැත්තියකි. අවාසනාවකට මෙන් මේ ලෙන්ගතුකම හීන රටේදී ස්‌වකීය තානාපති කාර්යාලයෙන්ද අත්හැර දමන ඇය රැකවරණය සොයන්නේ සල්ලාල ඊජිප්තු ජාතික පිරිමියෙකුගෙනි. ඇය කියන පරිදි ඇය මේ තත්ත්වයට ඇදවැටෙන්නේත් තානාපති නිලධාරීන් නිසාය. ගුවන් බලපත්‍රය හා වීසා රහිතව සිටි ඇය තානාපති කාර්යාලයට රැකවරණය පතා ගිය පසු ඇයව ලංකාවට යවන පොරොන්දුව මත ර`දවාගෙන සිට ලිංගික අල්ලස්‌ද රැගෙන ඇයව මහමග දමා යන්නේ තානාපති නිලධාරීන්ය.

ඇයම පවසන පරිදි රැකවරණ ලබාදෙන්නට ඉදිරිපත් වූ මේ සල්ලාල පුරුෂයා ඇය සමග සහවාසයේ යෙදෙමින්ම තවත් ශ්‍රී ලාංකික කාන්තාවක්‌ ඇයගේම නිවහනට රැගෙන එන්නේය. ඇය උපයන මුදල් කොල්ල කන්නේය. ඇයට දරුණු ලෙස පහර දෙන්නේය. එක්‌ අවස්‌ථාවක ඇය ආහාර පිළියෙල කරමින් සිටියදී ඔහු පැමිණ ඇයට පහරදී පුච්චන්නට හදන්නේය. මේ පිරිමියා මිය යන්නේ ඒ අවස්‌ථාවේ ඇය හා පොර බැදීමේදී ඇය අත වූ පිහිය ඇනීමෙනි. පිහි පහරකින් බරපතළ තුවාල ලබන මේ පුද්ගලයා පසුව මිය යන්නේය.

මේ මරණයේ යුක්‌තිය පසි`දලීම රටේ අධිකරණය සතු කාර්යයකි. එහෙත් ඊට මෙපිටින් මහා මානුෂික යථාර්ථයක්‌ සහිත කතාවක්‌ තිබේ. මේ මොහොත වනවිට ඇය ජීවිතාපේක්‌ෂාවන් හැරදමා ඇත්තීය. බි`දවැටුණු මානසිකත්වයකින් පසුවන මේ ගැහැනිය සිරගෙදරදී සිය දිවි හානි කරගනු ඇතැයි යන බියමුසු හැ`ගීම මා තිගස්‌වයි. මා මුලින් දකිනා අවස්‌ථාවේ අනුෂා දිසානායක සැබැවින්ම ප්‍රසන්න පෙනුමක්‌ සහිත ගැහැනියකි. එහෙත් මේ වනවිට ඇය වැහැරී ගොස්‌ය.

ඇය සිරගත වන්නේ 2010 වසරේදීය. පුරා වසර හතරක්‌ තිස්‌සේ ඇය ගැටුම් පවතිනා ප්‍රදේශයක ඇති ටි්‍රපෝලි සිරගෙදර සිරබත් කන්නීය. ඇයගේ රට ඇය වෙනුවෙන් ඒ වකවානුව තුළ සිදුකළයුතු මානුෂික උපකාර සිදුකර නොතිබිණි. තානාපති කාර්යාලයේ මේ මන්දගාමී හැසිරීමත් සමග ඇය තවත් අවුරුදු හතරක්‌වත් නඩුව ඇසෙන තෙක්‌ මේ නිරයේ ලගිනු ඇත. ඉන්පසුව පැමිණෙන්නේ ද`ඩුවම් කාලයයි.

ඇයගේ කතාව අසන විට අපට හිතෙන්නේ ඇය මේ නිරයෙන් බේරා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යලයට හැකිව තිබුණු බවය. ලෝකයේ තානාපතිවරු ස්‌වකීය වැසියන් පිළිබ`දව හැසිරෙන ආකාරය දෙස බලන විට මේ සිදුව ඇත්තේ මොනතරම් අශික්‌ෂිත පාවාදීමක්‌ දැයි මට සිතේ. අනුෂා දිසානායක විසින් ලිතව ඉදිරිපත් කර ඇති ආකාරයටත් ඇය අපට තොරතුරු ඉදිරිපත් කළ ආකාරයටත් ඇගේ පාර්ශවයේ කතාව මෙසේය.

"මම ඒ වෙනකොට වැඩකරපු ගෙදර මහා කරදර තැනක්‌. මං ගොඩක්‌ ප්‍රශ්න වලට මුහුණ දීලා හිටියෙ. කෙරෙන හිරිහැර දරාගන්න බැරිඋනා. මට ඕන උනා ලංකාවට එන්න. ගෙදරටත් මේ කතාව කියලා මං කිවුවා පුළුවන්නම් මාව ලංකාවට ගෙන්න ගන්න කියලා. මං ගෙදරින් පැනලා ආපු නිසා මට පොතයි වීසා යි තිබුණෙ නෑ. මං තානාපති කාර්යාලයට ගිහින් බැගෑපත් වෙලා කිව්වා මට ලංකාවට යන්න ඕන. පොත හදලා දෙන්න කියලා. ඒත් ඒ ඉල්ලීම ඉටු උනේ නෑ. ඊට අවුරුද්දකට පස්‌සෙ මං ආයෙත් තානාපති කාර්යාලයට ගියා. ගිහින් කිව්වා අනේ මොනව හරි ක්‍රමයකින් මට ලංකාවට යන්න දෙන්න. මට මගෙ දරු පැටියා බලන්න ඕන කියලා. ඒත් අය කිසිම උත්තරයක්‌ දුන්නේ නෑ."

"ඒත් මේ කාලෙ මට දැනගන්න ලැබුණා යුද්දයත් එක්‌ක වීසා නැති කට්‌ටිය ලංකාවට යවනවා කියලා. ඒ දැනගත්තු ගමන්ම මම තානාපති කාර්යාලයට ගියා. ඔවුන් මට කිව්වා දිනයක්‌ ටෙලිෙµdaන් කරලා දන්වන්නම් කියලා. හරියටම මාසෙකට පස්‌සෙ මේ තානාපති කාර්යාලයෙන් මට කතා කරලා කිව්වා දැන් හරි යන්න ලෑස්‌ති වෙලා එන්න කියලා. මං එදා උදෙන්ම ගිහින් දවල් එකොළහ වෙනකම් තානාපති කාර්යාලයේ හිටියා. ඒත් මගෙත් එක්‌ක යන්න ඉන්න කට්‌ටිය ආවෙ නෑ කියලා මට ආපහු යන්න කිව්වා. මං ඉකි ගහලා ඇ`ඩුවා. ඒ අය මාව දවස්‌ දෙකක්‌ නවත්වා ගත්තා. පස්‌සෙ තානාපති කාර්යාලයේ වෑන් එකෙන් මාව මගට ගිහින් බැස්‌සුවා. මේ කාලකණ්‌ණි සිද්ධිය වුණේ ඊට පස්‌සෙ."

ඇය ඊජිප්තු ජාතිකයාගේ රැකවරණය සොයා යන්නේ ඉන් පසුවය. එම සල්ලාල පුරුෂයා ඇය අතින් මැරුම් කන්නේ ඉන් පසුවය. මේ මිනීමැරුම් සිද්ධියෙන් පසු අනුෂා සිය කතාව කියන්නට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යන්නීය. තානාපති නිලධාරීන් මුලින්ම ඇයට කියන්නේ ඇය පොලිසියට භාරදෙන බවය. සිරගෙදර ඉන්නට නොහැකි බව කී විට ඔවුන් ඇය දෙදිනක්‌ තානාපති කාර්යාලයේ රැ`දවුම් නිවාසයේ නවතා ගන්නේය. අනතුරුව පුළුවන් ආකාරයකට සැ`ගවී සිටින ලෙස කියමින් පිටත් කර හරින්නේය. පසු දිනෙක තානාපති කාර්යාලයට පැමිණෙන ඇය තානාපතිවරයා හමුවන්නීය.

එහිදී ඇයගේ රන් භාණ්‌ඩත් ඇය උපයා ගත් ඩොලර් හත්දාහත් තානාපති කාර්යාලයේ එකවට සිටි කම්කරු උපදේශකවරයෙක්‌ විසින් භාර ගන්නේය. ඔහු සමග සිටින්නේ දූෂිත තවත් දූෂිත නිලධාරියෙකි. (ඔහු අතින් සිදුවන දූෂිත අපරාධවලට වරදකරුවී පසු කලෙක හේ ලංකාවට ගෙන්වාගෙන තිබිණි.) ඇය අපට කියන ආකාරයට අනතුරුව මේ නිලධාරීන් ලංකාවට ඇය පිටත් කිරීමේ පොරොන්දුව පිට ලිංගික අල්ලස්‌ද ලබා ගන්නේය. පසුව ලංකාවට යවන්නට පැමිණෙන්න කියන්නේය. පැමිණි පසු යළිත් පිටත්කර යවා ඇය සැ`ගවී සිටි නිවස පිළිබ`ද ඔත්තුව ලෙබනන් පොලිසියට දී ඇයව පාවා දෙන්නේය.

මේ මිනිසුන් ජීවිත අභිමානයක්‌ නැතිව හැමදාම අපේ රටවල වහල් සේවයේ යෙදෙන්නේ ඇයිදැයි මම දැන් වටහාගෙන සිටිමි. මේ ඔවුන්ගේ මවු රටවල වගකීම් රහිත නොදියුණු ස්‌වරූපයය. මා හමුවේ ඉන්නේ උපන් රටේ තානාපති කාර්යාලයට රැකවරණය පතා පැමිණි විට එම තානාපති නිලධාරීන් විසින් දූෂණය කරනු ලදුව උපයාගත් සියලු සේසත කොල්ලකා විජාතිකයන්ට පාවා දෙනු ලැබූ ඒ අසරණ අනුෂාය. මේ මොහොත වනවිට ඇය සම්බන්ධ එකදු ලිපිගොනුවක්‌ තානාපති කාර්යාලයේ වෙත්දැයි නොදනිමි. ඒ සොරමුල අනුෂා සම්බන්ධ සියලු සාධක විනාශ කර දමා ඇති අයුරු තානාපති කාර්යාලයෙන් ඇසෙන කතා වලින්ම තේරුම් ගත හැකිය.

ඇය අල්ලාගත්තාට පසු ඇගේ රටේ කිසිවෙක්‌ ඇය ගැන සොයා නොබැලූහ. ඇය වෙනුවෙන් යමක්‌ කළා නම් ඒ ලෙබනනයේ මානව හිමිකම් මධ්‍යස්‌ථානයේ අපය. සිරගතවනවිට සිටි ඇයට ඇගේ යොවුන් දියණිය ගැන කියමින් ඇය හ`ඩා වැටෙන්නීය. අපට ඇය ගැන දුකය. ගෝත්‍රිකත්වයෙන් නොමිදුණ ඇය ඉපදුණ රට ගැන දුකය. ඒ රටෙන් නිෂ්පාදනය වන අනූෂලා හෙටත් මේ රටවල ඉ`දුල් කන්නට අපනයනය කරනු ඇත.

(ලෙබනන් මානවහිමිකම් මධ්‍යස්‌ථානයේ නීති උපදේශිකා හස්‌නා අබ්ඩල් රෙදා සහ නීති අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු ඇසුරින් සැකසිණි.)

පසු සටහන

වර්ෂ 2011 ජුලි මසදී තමාට වූ අවනඩුව පිළිබ`ද ඇය විසින් ලිත සංදේශයක්‌ ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි. එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මේධා බෙම්මුල්ල විසින් CS/1/11/51/31510 දරන ලිපියෙන් දන්වා ඇත්තේ අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ස`දහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකරන ලද බවය. එම ආයතනය විසින් අවශ්‍ය කටයුතු කරනු ලබනු ඇති බවත් ඇය දන්වා තිබේ.

සකස්‌ කළේ
ජානක ලියනආරච්චි
ඡායාරූප - මාපා තිලකසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.