"සිරුරු 98 ක්‌ අතුරුදන්"
ජාත්‍යන්තර ගුවන් අනතුරු
විමර්ශකයෝ හෙළි කරති


මිසයිල් ප්‍රහාරයකින් විනාශ වූ මැලේසියානු ගුවන් යානාවේ 98 කගේ සිරුරුවලට සිදු වූයේ කුමක්‌දැයි ජාත්‍යන්තර ගුවන් අනතුරු විමර්ශකයන් විසින් කැරලිකරුවන්ගෙන් කළ විමසීමට නිසි ප්‍රතිචාර ලැබී නැත.

යුක්‌රේන් රජය පවසන්නේ කැරලිකරුවන්ගේ ප්‍රදේශයේ සිට පැමිණි මළ සිරුරු රැගත් දුම්රියේ තිබුණේ සිරුරු 200 ක්‌ බවයි.

මෙම දුම්රියේ මළ සිරුරු 282 ක්‌ හා සිරුරු කොටස්‌ 87 ක්‌ තිබූ බව කැරලිකරුවන් විසින් ප්‍රකාශ කර තිබිණි.

එහෙත් වෝහාරික විශේෂඥයන් දුම්රිය තුළ තිබූ සිරුරු පරීක්‍ෂාවට ලක්‌කර ඇති අතර කැරලිකරුවන් කළ ප්‍රකාශය සාවද්‍ය යයි තහවුරු කර ඇත.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.