මොස්‌කව් උමං දුම්රිය සේවාවේ
ප්‍රධානියා ධුරයෙන් පහ කරයි


රුසියාවේ මොස්‌කව් නුවර උමං දුම්රියක්‌ පීළිපැන මගින් 20 ක්‌ මරුමුවට පත්වීම සම්බන්ධයෙන් උමං දුම්රිය සේවයේ ප්‍රධානී අයිවන් බෙස්‌සින් සේවයෙන් පහ කර ඇත.

මෙම අනතුර සිදුවීමට පෙර උමං දුම්රිය ස්‌ථානයේ විදුලි පරිපථයක වයරයක්‌ නැවී තිබූ බවත් එය අලුත් වැඩියා කිරීමට ක්‍රියාකර නැතැයිද විමර්ශනවලින් හෙලි වී තිබේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇත.



 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.