තුර්කි අගමැති ඇතුළු නිලධාරීන්ගේ දුරකථනවලට
සවන් දුන් පොලිස්‌ නිලධාරීහු 100 ක්‌ අත්අඩංගුවට


තුර්කි අගමැති රේසප් ඇර්ඩෝගන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දුරකථනවලට සවන් දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් ඇතුළු පොලිස්‌ භටයන් 100 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

ඉස්‌තන්බුල් අගනුවර සිදු කළ මෙහෙයුම්වලදී මෙම පොලිස්‌ නිලධාරීන්ව අත්අඩංගුවට ගත් බව තුර්කි රජය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූවන් අතර හිටපු ත්‍රස්‌ත මර්දන ප්‍රධානීන් දෙදෙනකු වූ ඔමාර් නෝසේ සහ සුම් අමායුන්ද වේ.

රජයේ නිලධාරීන් ඇතුළු 2280 කගේ දුරකථනවලට සවන්දීමට මෙම පිරිස ක්‍රියා කර ඇතැයි තුර්කි රජය තවදුරටත් පවසා ඇත.

එහෙත් අත්අඩංගුවේ සිටින පොලිස්‌ නිලධාරීන් පවසන්නේ දේශපාලන පලිගැනීම් ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.