මැලේසියානු යානාවේ නියමු මැදිරිය
විදුලි කියත්වලින් කපා දමා තිබුණා
යුරෝපා විමර්ශන කණ්‌ඩායම

විපතට පත් මැලේසියානු යානාවේ නියමු මැදිරිය කැරලිකරුවන් විසින් විදුලි කියත්වලින් කපා ඇතැයි අනාවරණය වී ඇත.

යුරෝපා විමර්ශන කණ්‌ඩායමේ ප්‍රකාශක මයිකල් බොකිර්තිව් මේ බව තහවුරු කර තිබේ.

මෙම නියමු මැදිරිය තිබූ ප්‍රදේශය දින දෙකක්‌ තිස්‌සේ කැරලිකරුවන් විසින් තහනම් කලාපයක්‌ ලෙසට නම් කර තිබිණි.

නියමු මැදිරියේ හා ඉන්ධන ටැංකියේ කොටස්‌ පවා කැරලිකරුවන් විසින් ගෙන ගොස්‌ ඇති බව තවදුරටත් හෙළි වී ඇත.

සාක්‍ෂිකරුවන් පවසන්නේ නියමු මැදිරිය සමීපයේ වැටී තිබූ සිරුරුද කැරලිකරුවන් විසින් ගෙන ගිය බවයි.

මේ අතර වෝහාරික විශේෂඥයන් පවසන්නේ යානාවේ මගීහු ක්‍ෂණයකින් මරුමුවට පත් වී ඇති බවයි.

වෝහාරික විශේෂඥයකු වූ ඩේවිඩ් රොයිස්‌ මේ බව ප්‍රකාශ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.