හරීන්ලාගේ පෙත්සම
අද විභාගයට ගනී


සරත් ධර්මසේන

ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා කැඳවමින් සහ එම පළාත් සභාවේ බදුල්ල හා මොනරාගල පරිපාලන දිස්‌ත්‍රික්‌ක 02 කට තේරී පත්විය යුතු මන්ත්‍රී සංඛ්‍යාව නියම කරමින් මැතිවරණ කොමසාරිස්‌වරයා ඉකුත් ජුලි 16 දා නිකුත් කළ අති විශේෂ ගැසට්‌ නිවේදනය නීති විරෝධී හා බල රහිත බවට තීන්දු කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අග විනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ අද (24 දා) සලකා බැලීමට නියමිතය. කේ. ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරු විනිසුරු මඬුල්ලේ සාමාජිකයෝ වෙති.

එක්‌සත් ජාතික පක්‍ෂයේ බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ එම පක්‍ෂයේම බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහිමාල් මුණසිංහ මහතා විසින් එක්‌ පෙත්සමක්‌ද, බදුල්ල කන්දගොල්ල පදිංචි ඩී. එම්. සිරිසේන මහතා තවත් පෙත්සමක්‌ද ගොනුකර ඇත.

පෙත්සම පිළිබඳව විභාගයක්‌ පවත්වන ලෙසත්, එතෙක්‌ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කරන ලද ගැසට්‌ නිවේදනයේ ක්‍රියාකාරිත්වය එනම් ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා කැඳවීමට සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට තිබූ ආසන 03 ක්‌ මොනරාගල දිස්‌ත්‍රික්‌කයට ලබා දීමට ඔහු ගත් තීරණය අත්හිටුවන ලෙසත් පෙත්සම් කරුවන් ඉල්ලා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.