කොස්‌තාපල් ගංජා දමා දුවයි

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

තඹුත්තේගම පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌ත පොලිස්‌ කොස්‌තාපල්වරයකු ගංජා කිලෝ 3 1/2 ක්‌ රාජාංගනය යාය 12 සිට යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී පෙරේදා (22 දා) රාත්‍රියේ තඹුත්තේගම වැඩ බලන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක අරම්පොල මහතා ඇතුළු නිලධාරින් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලිස්‌ නිලධාරීන් විසින් ගංජා මිටිය අත්අඩංගුවට ගත් පසුව සැකකාර කොස්‌තාපල්වරයා පලා ගොස්‌ ඇත.

සැකකරු තඹුත්තේගම මහෙස්‌ත්‍රාත්වරයාගේ ආරක්‍ෂාවට රාජකාරියේ යොදවා සිටින පොලිස්‌ නිලධාරියකු බව ද මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයා පවසයි.

සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයා වැඩිදුරටත් පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.