විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ
පෙත්සමට අත්සන් ගැනීම අද

සිරිමන්ත රත්නසේකර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන මහජන පෙත්සමකට අත්සන් කිරීම අද (24 වැනිදා) පස්‌වරු 2.30 ට කොළඹ ග්‍රීන්පාත් නව නගර ශාලාවේදී සිදු කෙරේ.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, වික්‌ටර් අයිවන්, දීපිකා උඩුගම, අසංක තිලකරත්න යන මහත්ම මහත්මීන් මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.