පාර්ලිමේන්තු ධුර කාලය
වසර 4ක්‌ කළ යුතුයි
රනිල් වික්‍රමසිංහ

අකිත පෙරේරා

පාර්ලිමේන්තු ධුර කාල සීමාව වසර හතර දක්‌වා අඩු කළ යුතු යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එසේ වසර හතරක කාලයකට සීමා කිරීම රටට වාසිදායක වනු ඇති බවත්, එසේ වුවහොත් දේශපාලනඥයන් මීට වඩා හොඳින් හැසිරෙනු ඇති බවත් ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංවිධානය සමඟ පෙරේදා (22 වැනිදා) පැවැති සාකච්ඡාවකදී විපක්‍ෂ නායකවරයා කීය.

මෙලෙස මෙරට පාර්ලිමේන්තු ධුර කාලය අඩු කිරීම සම්බන්ධව ජනමාධ්‍ය විසින් සමාජයේ සංවාදයක්‌ ගොඩනඟන්නේ නම් අවසන් තීරණයකට එළැඹීම පහසු වනු ඇතැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

ලෝකයේ වෙනත් රටවල පාර්ලිමේන්තු ධුර කාලය වසර හතරක්‌ හෝ පහක්‌ බවත් ඇමරිකාවේ එය වසර හතරක්‌ වන අතර එංගලන්තයේ එය වසර පහක්‌ බවත් විපක්‍ෂ නායකවරයා කීය.

එබැවින් මෙරට පාර්ලිමේන්තු ධුර කාලය වන වසර හයක කාලය දීර්ඝ වැඩි බවත් එවැනි කාලයක්‌ පැවතිය යුතු නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂනායක නිල නිවසේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.