'ඉඩ ලැබුණු විගස
මෝදි ශ්‍රී ලංකාවට'
බී.ඡේ.පී. ප්‍රධානියෙක්‌ කියයි

කීර්ති වර්ණකුලසූරිය

අවස්‌ථාව ලත් විගසම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණෙන බව භාරතීය ජනතා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්ති මණ්‌ඩලයේ ප්‍රධානියකු වූ ශේෂද්‍රාරි ඩාරි පවසයි.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ප්‍රශ්නය අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ බවත් අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශ මැදිහත්වීම්වලට ඉන්දියාව දැඩි විරෝධය පළ කරන බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ඉල්ලා අස්‌කර ගැනීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්‌වී ක්‍රියා කළ යුතුයි. රටක කටයුතුවලට මැදිහත්වීමේ එක්‌සත් ජාතීන්ගේ ආර්. 2 පීs පිළිවෙළකට අපි කිසිසේත් එකඟ වන්නේ නැහැ යෑයි ද ඔහු පැවැසීය.

චීනය සමඟ ගනුදෙනු කිරීම ගැන ඉන්දියාව කිසිදු විරුද්ධත්වයක්‌ දක්‌වන්නේ නැතැයි පැවසූ ශේෂද්‍රාරි ඩාරි තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂ මෝදි රජයට කුමන බලපෑම් එල්ල කළත් එකී පක්‍ෂ මත ඉන්දීය රජය ක්‍රියාත්මක නොවන බව ද කීවේය.

ප්‍රාන්ත ආණ්‌ඩුවලට අපට උපදෙස්‌ දිය හැකියි. නමුත් බලපෑම් කරන්න බැහැ යෑයි ශේෂද්‍රාරී ඩාරී තවදුරටත් කියා සිටී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.