දිවයින SMS වැසි වසී
මෙය හුදෙක්‌ විනෝදය සඳහා
පමණක්‌ බව කරුණාවෙන් සලකන්න !


ඊයේ පුවතට ඔබ එවූ SMS කීපයකි මේ.....

* අනේ මෙහෙම ප්‍රජාතන්ත්‍ර රටක්‌!

- රිස්‌වි (අන්වර්) මල්වාන

* නොට්‌ අවුට්‌·

- මංගල මාතර

* අර කුඩු කරලා වික්‌ක බෙහෙත් කුඩු බීලද අයියා - මල්ලි වගේ පේන්නේ.....?

- නමක්‌ නැත....780917

* මේ ගොල්ලන් ජනතාවට දැන් හයේ පාරවල් ගහනවාද?

- විඡේවර්ධන ආරච්චිකට්‌ටුව

* ඡන්දය දෙන මෝඩ පියසේනලාට ඔහොම වෙලාමදි?

- වැල්ලවායේ එස්‌. එස්‌.

* ඔය බොරු අනේ· එයාලා එහෙම කරනවාද?

- අනුරාධ අම්බලන්ගොඩ.

* මුකුත් නොදන්න නිසානේ පට්‌ටම් ලැබුණේ·

- කීර්ති රණවක හොරණ

* හොඳ මිනිහා - නමක්‌ හදාගන්න වගේ..·

- මැල්සිරිපුර කුමාර

* එයාට ඒ මනුස්‌සයා බෝලයක්‌ වගේ පේන්න ඇති· ඒකනේ බැට්‌ එකෙන් ගැහුවේ·

- උදුල විශ්වජිත් ජයනෙත්ති, කරාපිටිය ගාල්ල

* මල්ලි පිත්තෙන් බෝලෙට ගැහුවා - අයියා පිත්තෙන් මිනිස්‌සුන්ට ගහනවා·

- සඳලංකාවේ තුසිත

* අනේ බබා... මුකුත්ම දන්නේ නැහැ·

- විශ්වා

* තවත් දැකුම්කළු හයේ පාරක්‌...·

- මාරවිල වත්සලා

* මේ කතාව අදට ඉතින් අමුතු දෙයක්‌ නෙවිනේ...·

- පස්‌යාලේ ඉවෝන්

* අනේ සොරි· මං දැක්‌කේ බෝලයක්‌ වගේ·

- කීර්ති රණවක මොරටුව සරසවිය

* ඇයි මේ ගැන රුවන්ගෙන් අහන්නේ නැත්තේ?

- ....7641597

* මේක අලුත් ක්‍රීඩාවක්‌ද?

- හක්‌මන නිශ්ශංක

* ඇයි එයා ළඟ ටී - 56 ක්‌ තිබිලා නැද්ද?

බැට්‌ එකෙන් ගැහුවේ.....?

- ඉන්දික සමන් ක්‌ලෝඩියා

* අනේ මන්දා... ආණ්‌ඩුවට තවත් මඩ පාරක්‌ද?

- සාගරිකා වීරසිංහ පඹහින්න

* විශ්මිත ක්‍රීඩාවේ අසිපත ..... ට දීලාද?

- ඉහළගම ප්‍රියන්ත

* මෙයත් මස්‌ මාළුවත් කන්නේ නැති කෙනෙක්‌ද?

- ලක්‍ෂ්මන් හුන්දිරාපොළ

* මේ පවුලේ ආගමේ ක්‍රිකට්‌ තියෙන බව පේනවා·

- මීරිගම චමිල ජානක

* මිනිහාම ගහගෙන වෙන්න ඇති·

- කමල් කුමාර ජයවර්ධන තෝලංගමුව

* දැන් දැන් පියසේනලාගේ ඔළුගෙඩි දේශපාලකයන්ට පේන්නේ බෝල වගේද?

- සුසිල් සිරිවර්ධන වැල්ලවාය

* මුන් ගහගත්තත් අපේ සත පනහටමයි කෙළවෙන්නේ·

- සමිත අවිස්‌සාවේල්ල

* කියන කතා නම්.... හොදි.... (තේරෙන්නේ නැහැ...)

- බණ්‌ඩා මාමා

* සෙල්ලමට වෙන්න ඇති අනේ·

- ඒකල කැමිලස්‌ මදුරාවෙල

* ක්‍රිකට්‌ කාරයෝ නේ. පියසේනව බෝලයක්‌ වගේ පේන්න ඇති·

- ඉන්දික මකුල්වෙල

* බෝල ගහන්න හිතිලාද?

- බුත්තල චමින්ද

* එයා මේ වගේ පහත් වැඩ කරන්නේ නැහැ·

- සෝමසිරි උඩුගම්පොළ

* ගහන්නේ නැතිව ගස්‌ බැන්දා නම් හරි නේ·

- මහතුන් අයියා පුස්‌සැල්ලගොල්ල

* පියසේනගෙ වෙලාවට බැට්‌ එක අහුවුණේ

- ......7421776 නමක්‌ නැත

* එහෙනම් එයත් ක්‍රිකට්‌ ගහන්න දන්නවා·

- ජෝශප් මීගමුව

* අයියාගේ බැට්‌ පුස්‌ කන නිසා මල්ලිට දෙන්න ඇති·

- ජයලත් වෑගල්ල බුලත්කොහුපිටිය

* පවුලේ ක්‍රීඩාවනේ

- උපාලි ජයසේකර ගම්පහ

* බෝලෙ වගේද දැක්‌කේ?

- රණසිංහ මහරගම

* නඩුත් හාමුගෙ - බඩුත් හාමුගෙ

- ඉෂාන් දඹුල්ල

* දෙයියො තමයි දන්නෙ විස්‌තරේ

- බෝජිත මාතර

* රාජගිරියෙ ඉඳන් මහ ඉස්‌පිරිතාලෙට සවස 5 සිට රෑ 8 වෙනකල් ගියේ පයින්ද?

- ජයලත්

* පියසේනව බෝලෙ වගේ පේන්න ඇති·

- ෂෙහාන් බ්‍රයන් වෑගල්ල

* ඕක ආරේ ගතිය - අයියත් කලින් ඕක කළා·

- කරු ජාගොඩ

* මල්ලිට වගේ ක්‍රිකට්‌ ගහන්න හිතුණද?

- කසුන් අන්ජන අකරැල්ල

* මුන්ට ඉතින් අබ සරණයි·

- ...3853107 නමක්‌ නැත

* පිට්‌ටනිය අමතක වෙලාද?

- සිහින අනුහස්‌ වැල්ලවාය

* අනේ ආයිබෝන් කුරුඳු පොල්ලක්‌වත් තිබුණේ නැද්ද?

- කුරුණෑගල කුමාර

* ඒ ගොල්ලන් බැට්‌ කාරයෝ බව අපි දන්නවා...

- ඩිපෝ ළමයා

* ක්‍රිකට්‌ ගහන්න හිතුණද·

- ගාමිණි පීරිස්‌ බොරලැස්‌ගමුව

* ඔක්‌කොම තොත්ත බබාලා·

- ඩික්‌සන් ෆොන්සේකා

* අගනා පහරක්‌ වැරෙන් එල්ල කළා... පන්දුව කෙලින්ම ජාතික රෝහලේ වාට්‌ටුව වෙත ඇදී යනවා පේනවා....·

- බිඟුන් හේසල මතුගම

* කවුරු ඇත්ත කියනවාද? මන්දා·

- කිරිඳිවැල සුනිල්

* පවුලටම අතට පුරුදු එකනේ·

- මංගල මාතර

* ඔන්න නියම ක්‍රිකටර්ලා·

- චන්ද්‍රසිරි කන්දේගොඩ.

* බෝලයක්‌ කියලා හිතිලා·

- වලගෙදර සමන්

* ගාණක්‌ නැහැ... ක්‍රිකට්‌ පවුලක්‌නේ..... ඉවසලා ඉන්න·

- බණ්‌ඩාරගම ලක්‍ෂ්මන්

* විනෝදයට කෙරුවත් ඔබ මේ කොළම.....

* මෙයිනුත් රිදෙන අය ඇත රට හැම තැනම...

- ජී. ටී. ඒකල

* ඡන්දෙ දීපු අපිට බැට්‌ එකෙන් නෙවි ඉලපතෙන් ගහන්න ඕනි

- නිරන්ජන මීගමුව

* උන්ට අපි.. වේ.. බෝල..

- .....2794775 නමක්‌ නැත

* තව දෙන කොට තව ගහයි

- .....2072543 නමක්‌ නැත

* කතිර ගහන්න කලින් දැන්වත් හිතපල්ලා...

- සමන්ත හටන්ගල

* ජාතික ටීම් එකට එන්න ට්‍රයි කරනවාද?

- බුලත්සිංහල සරත්සේන

* කළගුණ සලකන්න වෙන්නැති

- දයානන්ද ෆාම්ගාර්ඩින්

* මහජනයාව බෝල වගේද පේන්නේ?

- නිමල් වෙරලුපේ.

* ටෙස්‌ට්‌ මැච් එකකට යවමු.

- කෑගල්ලේ සංජීව.

* පුදුම විසයක්‌ නේ තියෙන්නේ...

- නමක්‌ නැත... 8140354

* පිත්තෙන් ගැහුවේ බෝලයක්‌ වගේ පේන්න ඇති නිසා

- කොස්‌තාපල් පුඤaඤසෝම

* කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ගියා නම් මරු·

- ජීවන් ඉඳුනිල් ගණේමුල්ල

* පළපුරුදු ක්‍රීඩකයකුගෙන් අපරීක්‍ෂාකාරි පහරක්‌..·

- නමක්‌ නැත.. 6612880

* සභාපතිලාගේ වැඩ ඉවරවුණාම මේ කට්‌ටිය පටන් අරන්·

- අරුණ කඩවත

* කූල් ගේ බැට්‌ එකද මන්දා....

- තරු සැලෝන් අරන්දර

* ආරම්භක පිතිකරු ශතකයක්‌ කරා...

- පියසේන ඉංගිරිය

* ඔන්න පුතේ ගුටි කිව්වලු·

- ආශා හික්‌කඩුව

* අයියා මල්ලි වගේ... අයියා... මල්ලි...

- කිවුල ප්‍රේමරත්න කොබෙයිගනේ

* ලබන පාර ලෝක ශූරතාව ගේන්න ටේ්‍රන් වෙනවා වගේ·

- අජෝ ඇලපාත රත්නපුර

* ජනතාව ගැන දෙවරක්‌ සිතන්න

- පොළොන්නරුව දියබෙදුම පුෂ්පකුමාර

* අයියත් ඔහොමමයි..·

- ඉන්දික දිවුලපිටිය

* "අරයා" කළා නම් අපිට ප්‍රශ්නයක්‌ නැහැ..

- වික්‌ටර් රාගම

* මල්ලි බෝල පැලුවා.. අයියා ඔළු පලනවා..

- ජනිත් රත්මලාන

* ඉස්‌සර මිනිස්‌සු බැට්‌ එකෙන් ගැහුවේ බෝල වලට විතරයි·

- ...8277004 නමක්‌ නැත

* අනේ පව්... මේ පැටවුන්ට කුක්‌කු ටිකක්‌ දෙන්නකෝ..

- අරවින්ද වැල්ලව

* මනාපෙට පුරවැසියෙකුට දුන් උපහාරයක්‌

- සංඛ මීගමුව

* මම ම බැට්‌ එකෙන් ගහගත්ත කියලා පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගනීවිද?

- සුගත් රක්‌වාන

* දේශපාලන බබාලා·

- රණවීර වග

* අවංක මිනිසෙකුගේ චරිත ඝාතනයක්‌·

- නිමල් සිල්වා පල්ලියවත්ත හැඳල

* මොකට දුන්නද නුහුරු බැට්‌ එක

- අයිලින් බිබිලේ

* බැට්‌ එකෙන් නැතුව මෝල් ගහෙන් ගහන්නද?

- ශාමක වීරසිංහ බැල්ලපිටිය හොරණ

* කවුද වරද පිළිගන්නේ?

- ජී. කේ. ටී. එල්ලාවල රත්තොට

* ඔළුව බෝලෙ වගේ පෙනිලාද?

- ගම්පහ වසන්ත

* පන්දුවක්‌ කියලා හිතලා·

- ශ්‍රාවස්‌තිපුර විනීතා

* ඌවේ නම් අපිට ගරු කරනවා

- චන්ද්‍රතිලක හපුතලේ

* තොත්ත බබා

- ලොකුහෙට්‌ටිගේ මාගිරිපුර

* ක්‍රිකට්‌ පවුලක්‌නේ

- සුදත් තිස්‌ස

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.