වැරදි පංතියේ ගිය
දුම්රිය මගීන්ට දඩ


සුරංග දිල්හාන් - ගම්පොල

කොටුව සිට හික්‌කඩුව බලා ධාවනය වූ අංක 8064 දරන දුම්රියේ තුන්වැනි පංතියේ ප්‍රවේශපත්වලින් දෙවැනි පංතියේ ගමන් ගත් කාන්තාවක්‌ ඇතුළු දාහත් දෙනකුගෙන් රුපියල් 42,840 ක්‌ පෙරේදා (22 දා) සවස දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් විසින් දඩ වශයෙන් අය කරගෙන ඇත.

බම්බලපිටිය සහ පානදුර අතර කරන ලද පරීක්‍ෂාවකදී මෙම පිරිස කොටු වී ඇති අතර ඔවුන් කාර්යාල සේවකයන් බව හෙළි වී ඇත.

දුම්රිය ආරක්‍ෂක අධිකාරි සේනක ජයසේන සහකාර ආරක්‍ෂක අධිකාරි (දකුණ) වී. ආර්. සී. එදිරිසිංහ යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත රත්මලාන දුම්රිය ආරක්‍ෂක ඒකකය විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.