o

 
 
 
 
 

 

ජනපති ප්‍රධානත්වයෙන් 'පෝෂණයයි - සුවදිවියයි'
සමාරම්භක උළෙල අද

බුද්ධිමත්, ගුණ නුවණින්, ශක්‌තියෙන් හා ධෛර්යයෙන් පිරිපුන් නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්‌ දැයට දායාද කිරීමේ වෑයම ක්‍රියාවට නැංවීමේ 'පෝෂණයයි - සුවදිවියයි' සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24 දා) පෙරවරු 11.00 ට තිරප්පනේ මහානාම විද්‍යාලයේදී පැවැත්වේ.

මහින්ද චින්තනයේ පොරොන්දුවක්‌ ඉටු කරමින් පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබාදීම තවදුරටත් ශක්‌තිමත් කරමින් ඊට සමගාමීව ක්‍රියාවට නැංවෙන මෙම උත්සවය අධ්‍යාපන සේවා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යාලයේ ජාතික පෝෂණ ලේකම් කාර්යාලය එක්‌ව ක්‍රියාවට නංවා තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.