සිංහරාජයෙන් කැපූ වල්ලාපට්‌ට
කිලෝ 25 ක්‌ සමඟ තිදෙනකු අල්ලයි


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

සිංහරාජ රක්‍ෂිතයෙන් කපන ලදැයි සැක කෙරෙන වල්ලාපට්‌ට කිලෝ 25 ක්‌ සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තිදෙනකු පෙරේදා (22 දා) රාත්‍රියේදී මීගහතැන්න පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් පොල්ගම්පල නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තිදෙනා කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර රාත්‍රිකාලයේ මුර සංචාරයේ යෙදුණු පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තිදෙනා තැරැව්කරුවන් බවත් මොවුන්ට වල්ලාපට්‌ට අලෙවිකළ පුද්ගලයා ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි. විදේශිකයකුට අලෙවි කිරීමට මෙම වල්ලාපට්‌ටා ගෙන ගිය බව විමර්ශණවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් ඊයේ (23 දා) මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිංහරාජ රක්‌ෂිත වනාන්තරයට අයත් ප්‍රදේශවල වල්ලාපට්‌ටා ගස්‌ සංවිධානාත්මක කණ්‌ඩායම් විසින් කපා වල්ලාපට්‌ටා එකතු කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බවද වාර්තා වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.