ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ පක්‍ෂ 4 ක්‌ කළ
ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි


කීර්ති වර්ණකුලසූරිය

උතුරු නැගෙනහිර ඒකබද්ධ කරන ලෙසත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් දන්වමින් ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ පක්‍ෂ හතරක්‌ කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කිසිදු එකඟතාවයකට එළඹෙන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන්, උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන්, නව වාමාංශික පෙරමුණේ වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ හසන් අලි සහ සමාජවාදී පක්‍ෂයේ සිරිතුංග ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ඉහත ඉල්ලීම් ඇතුළත් යෝජනා සම්මත වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.