ඌවේ කලාප 6 කම නුසුදුසු අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු

නිලන්ත මදුරාවල

ඌව පළාතේ අධ්‍යාපන කලාප නවයෙන් හයකම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන්නේ එම තනතුරු දැරීමට සුදුසුකම් නොමැති නිලධාරීන් බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මස පළමුවැනිදා සිට පාසල් 71 ක්‌ ඇතුළත් වන පරිදි වියලුව නමින් නව අධ්‍යාපන කලාපයක්‌ නම් කරන ලද අතර එම කලාපයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ලෙස ද තනතුර දැරීමට සුදුසුකම් නැති නිලධාරියකු පත් කිරීම විශේෂත්වයකි.

අධ්‍යාපන පරිපාලන සේවයට විධිමත්ව පත්ව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී බදුල්ල, වැල්ලවාය, මොනරාගල, බිබිල, වැලිමඩ යන කලාපයන්හි අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් ලෙස මෙලෙස පත් කර ඇතතේ විවිධ හේතු මත අධ්‍යාපන පරිපාලන සේවයට අධි සේවක සංඛ්‍යා පදනම මත පත් වූවන් යෑයි ද ඉහත ආරංචි මාර්ග කීවේය. එම නිලධාරීන්ට සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ තනතුරු දැරීමට අයිතියක්‌ නැතැයිද ඒ බව ඔවුන්ට ලබාදී ඇති පත්වීම් ලිපියේ සඳහන් වන බවද අධ්‍යාපන පරිපාලන සේවයට විධිමත්ව ඇතුළත්ව සිටින නිලධාරීහු පවසති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.