ප්‍රධාන ජලාශ 72 ක ජල
මට්‌ටම සියයට 18 ට බසී


මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

දිවියිනේ ප්‍රධාන ජලාශ 72 ක ජල මට්‌ටම සියයට 18 ක්‌ දක්‌වා ඊයේ (23 දා) පහළ ගොස්‌ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ (ජල කළමනාකරණ) ජානකී මීගස්‌තැන්න මහත්මිය "දිවයින" ට පැවැසුවාය.

පවතින ජලධාරිතාව වගාවට සහ පානීය ජලය සැපයීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද අධ්‍යක්‌ෂවරිය සඳහන් කළාය.

පසුගිය වසර දෙක තුළ ප්‍රමාණවත් වැසි නොලැබීම, කාලගුණික හා දේශගුණික විපර්යාස සහ වෙනස්‌වීම් මෙයට බලපෑ බවද ඇය පවසයි.

දිවයිනේ ප්‍රධාන ජලාශ යටතේ සැපයෙන පානීය ජල පහසුකම්වලටද දැඩි බලපෑම් ඉදිරියේදී සිදුවිය හැකි බවට අධ්‍යක්‌ෂවරිය අනතුරු ඇඟවූවාය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.