ඌව ස්‌වාධීන කණ්‌ඩායම්වලින්
ඇප තැන්පතු භාර ගැනීම ඇරඹේ



රනිල් ධර්මසේන

ඌව පළාත් සභා මැතිවරණයට තරග කරන ස්‌වාධීන කණ්‌ඩායම්වලින් ඇප මුදල් තැන්පතු භාරගැනීම අදාළ දිස්‌ත්‍රික්‌ක දෙකේ තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී ආරම්භ කර තිබේ.

ස්‌වාධීන අපේක්‌ෂකයකුට රුපියල් දෙදහස බැගින් තරග කරන කණ්‌ඩායමේ සියලු දෙනා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ යුතු වෙයි.

මොණරාගල දිස්‌ත්‍රික්‌කයට අපේක්‌ෂකයන් 17 ක්‌ හා බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අපේක්‌ෂකයන් 21 දෙනෙකු ඉදිරිපත් කළ යුතුය.

ඇප මුදල් තැන්පතු භාරගැනීම අගෝස්‌තු මස 05 වැනිදා මධ්‍යහ්න 12.00 ට අවසන් වේ. නාම යෝජනා පත්‍ර භාරගැනීම ලබන 30 වැනිදා ආරම්භ වන අතර අගෝස්‌තු මස 06 වැනිදා අවසන්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.