තායිවානයේත් ගුවන් අනතුරක්‌;
51 දෙනෙක්‌ මරුට


තායි පුවත්

තායිවානයේ මගී ගුවන් යානයක්‌ ඊයේ (23 වැනිදා) සවස හදිසි ගොඩබෑමක්‌ සිදුකිරීමට යැමේදී අනතුරට පත්වී එහි ගමන් ගත් මගීන් 51 දෙනකු මියගොස්‌ තිබේ. ජී. ඊ. 222 දරන මෙම ගුවන් යානය තායිවානයේ මැගොනින් ගුවන් තොටුපළට ගොඩ බෑමේදී මෙසේ අනතුරට පත්ව ඇත. අනතුර සිදුවන විට යානයේ කාර්ය මණ්‌ඩලයද සමග 58 දෙනකු සිට ඇත. ඉන් 7 දෙනකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය කියා සිටී.




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.