රජරට සරසවි මහා ශිෂ්‍ය සංගමයෙන්
විරෝධතා පා ගමනක්‌


රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විසින් ඊයේ (23 වැනිදා) කොටුව දුම්රිය පළ ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්‌වා විරෝධතා පා ගමනක නිරත විය.

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 28 දෙනකුගේ අසාධාරණ පංති තහනමකට එරෙහිව තම සංගමය පවත්වාගෙන යන අඛණ්‌ඩ සත්‍යග්‍රයට දින 126 ක්‌ ගත වී ඇතත් ඊට විසඳුම් ලබා නොදීම සහ අසාධාරණ ශිෂ්‍ය මර්දනය නවතා දමන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දීම සඳහා මෙලෙස පා ගමනක නිරත වූ බව ඔවුහු සඳහන් කරති.

කෙසේ වෙතත් ඔවුන් සමඟÊසාකච්ඡා පැවැත්වීම සඳහා වගකිවයුතු නිලධාරියකු ඊයේ (23 වැනිදා) සවස ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නොසිටි බව නිලධාරියෙක්‌ පැමිණ උද්ඝෝෂණයේ යෙදුණු ශිෂ්‍යයනට පැවැසීය.

ඡායාරූපයේ දැක්‌වෙන්නේ උද්ඝෝෂකයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරුයි.

ඡායාරූපය - සජිත් ජයසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.