කොළොන්නාවේ ගැටුම දුරදිග යයි
අයෙක්‌ මරුට අයෙකුට වෙඩි පහර

රංජිත් විමලසිරි

කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර කාලයක්‌ තිස්‌සේ පවතින ආරවුලක්‌ දුරදිග යැමෙන් එක්‌ අයෙකු කපාකොටා ඝාතනය කොට ඇති අතර තවත් අයකුට වෙඩිතබා තුවාල සහිතව රෝහල් ගතකොට තිබේ.

පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ 21 වැනි වියේ පසුවූ ඩබ්ලිව්. ඩී. එන්. තරිඳු ධනංජය නමැති අවිවාහක තරුණයකු වන අතර වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ නුවන් සංජීව නොහොත් (කොයියා) නමැති අයකු බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ බස්‌නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහ හා සහකාර පොලිස්‌ අධිකාරි කමල් පලිස්‌කාර මහත්වරුන්ගේ උපදෙස්‌ හා වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. පී. අමරබන්ධු මහතාගේ අධීක්‍ෂණය පිට පො.ප ධර්මචන්ද්‍ර මහතා ප්‍රධාන පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ සිදුකරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.