බස්‌නාහිර ඩෙංගු ඝනත්වය
තුන් ගුණයකින් වැඩිවේ


ඒමන්ති මාරඹේ

බස්‌නාහිර පළාතෙහි ප්‍රදේශ බහුතරයක ඩෙංගු මදුරු කීට ඝනත්වය නියමිත ප්‍රමාණයකට වඩා තුන්ගුණයකින් වැඩිවී ඇති බව අලුත්ම කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

බස්‌නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්‌ත්‍රික්‌කවල ඩෙංගු මදුරු කීට ඝනත්වය එය මනිනු ලබන බ්‍රිටෝ දර්ශකයේ 15 ක්‌ හෝ එයට වැඩි අගයක්‌ ගන්නා බවත්, කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ එය 20 ක්‌ වශයෙන් සටහන් වී ඇති බවත් සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන මහතා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.