සැමියාට පහර දුන්නේ
මහ ඇමැති නොවේ

බිරිඳ කියයි

හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා

තම සැමියාට පහර දුන්නේ බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නොව සිය නිවස පිටුපස නිවසක පදිංචි මල්ලවාරච්චි නමැති අයෙකු ඇතුළු පිරිසක්‌ බව පහර කෑමට කල් වූ පුද්ගලයාගේ බිරිඳ වන කැකනදුර කංකානම්ගේ ගුණවතී නමැති 50 හැවිරිදි තැනැත්තිය වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක්‌ කර ඇත.

ඇය මේ පැමිණිල්ල කර ඇත්තේ සිය සැමියා වන පියසේන නමැති අය විසින් ඉකුත් 21 වැනිදා සවස බස්‌නාහිර මහ ඇමැතිවරයා තමන්ට පහර දුන් බවට වැලිකඩ පොලිසියේ සිදුකර ඇති පැමිණිල්ලෙන් පසුය.

පියසේන නමැති අය 21 වැනිදා සවස පොලිසියේ පැමිණිලි කිරීමෙන් පසු රාත්‍රි 8.00 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.