ජනපති ප්‍රධානත්වයෙන්
මහජන ගැටලුවලට විසඳුම් ලබාදීමට
විශේෂ වැඩපිළිවෙළක්‌ ඇරඹේ


ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරු වැඩසටහනට එක්‌ව සිටි අයුරු.

මහජන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙළක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීම පෙරේදා (22 දා) අරලියගහ මන්දිරයේදී සිදු වූ අතර, ප්‍රථමයෙන් අධ්‍යාපන, පරිසර අමාත්‍යාංශවල, ගොවිජන සංවර්ධන, වන සංරක්‍ෂණ, වනජීවි සංරක්‍ෂණ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය යන රාජ්‍ය අංශවල ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම ආයතනවලින් ජනතාවට නිරාකරණය කරගත යුතු ගැටලු එම ආයතනවල පිහිටුවා ඇති මහජන අවධානය සඳහා වූ කවුළුව වෙත යොමු කිරීමෙන් හෝ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ අඅඅගජදපචක්‌සබඑsගටදඩගකන වෙබ් අඩවියට පිවිස එම ගැටළු විස¹ ගැනීමට පහසුකම් සලසා ඇත.

මෙම ක්‍රියාවලියට ඉදිරියේදී අනෙකුත් රාජ්‍ය අංශද සම්බන්ධ කිරීමට නියමිතය. මහජනතාව විසින් ඉදිරිපත් කෙරෙන දුක්‌ගැනවිල්ලේ වත්මන් තත්ත්වය කෙටි පණිවුඩයක්‌ මගින් හෝ විද්යුත් ලිපියක්‌ මගින් දැනගැනීමට පහසුකම් ද සලසා ඇත. මහජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා මෙවැනි යාන්ත්‍රනයක අවශ්‍යතාවය දිගුකලක සිට පැවැති අතර මෙමගින් එම අඩුපාඩුව සම්පූර්ණවේ.

මෙම අවස්‌ථාවට රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්‌කරණ ඇමැති නවීන් දිසානායක, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, වැඩබලන ජනාධිපති ලේකම් ජනාධිපති කාර්යමණ්‌ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන යන මහත්වරු ඇතුලු පිරිසක්‌ එක්‌ව සිටියහ.



 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.