ගලගෙදර ආසනයෙන් නිල් බළකායට
නවක සාමාජිකයන් විශාල පිරිසක්‌

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තරුණ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ නිල් බළකායට නවක සාමාජිකයන් බඳවා ගැනීම මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශයේදී නිල් බළකායේ සභාපති හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මේ සඳහා නිල් බළකායේ මහනුවර සභාපති මධ්‍යම පළාත් නිල් බළකා සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ සංවිධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්‌ථාවට නවක තරුණ තරුණියන් පන්දහසක්‌ පමණ පිරිසක්‌ එක්‌ව සිටියහ.

වැලිවිට, අළුදෙණිය, උඩුව, ගලගෙර, ගිරිහාගම, හතරලියද්ද යන ගම් හයේ නිල් බළකා රැස්‌වීම පැවැත්විණි. මේ සඳහා විශාල පිරිසක්‌ සහභාගි වූ අතර, එහිදී දිලුම් අමුණුගම මහතා අදහස්‌ දැක්‌වූ අයුරු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.