කරාතේ තාක්‍ෂණික
පුහුණු කඳවුර අද

තෙවන වරට පැවැත්වෙන පස්‌ දින ජාත්‍යන්තර කරාතේ තාක්‍ෂණික පුහුණු කඳවුර අද (24දා) මීගමුව මාරිස්‌ ටෙලා ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ෂොටෝකාන් රියු කරාතේ දෝ තිස්‌සෙයිකායි සංගමයේ නිර්මාතෘ හා සභාපති ජාත්‍යන්තර ප්‍රධාන උපදේශක, කලුපටි 7 වන ශ්‍රේණි උපාධිධාරී ජපන් ජාතික ශිහාන් සෙයිඉචි නකජීමා මහතාගේ ප්‍රධානත්වයෙන් හා පූර්ණ අධීක්‍ෂණයෙන් අදාළ කඳවුර පවත්වනු ලැබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.