සම්පත් බැංකුවේ 2014 පහේ ශිෂ්‍යත්ව
සම්මන්ත්‍රණ මාලාවට දැවැන්ත ප්‍රතිචාර

සම්පත් බැංකුව, නෙත් එෆ්. එම්. නාලිකාව සමඟ අත්වැල් බැඳගෙන 6 වැනි වරටත් ක්‍රියාත්මක කරන වාර්ෂික පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මේ වන විට අති සාර්ථකව ක්‍රියාවට නැංවෙමින් තිබේ. මාස දෙකක කාලයක්‌ තුළ අතිවිශාල ප්‍රතිචාර මධ්‍යයේ සිසුන් 6000 කට වැඩි සංඛ්‍යාවක්‌ වෙනුවෙන් සම්මන්ත්‍රණ පැවැත්වීමට එම වැඩසටහන දැනටමත් කටයුතු කර ඇත. 2014 මැයි මාසයේ ආරම්භ වුණු මෙම සම්මන්ත්‍රණ මාලාව මේ වන විට කඹුරුපිටිය, බලන්ගොඩ, තිස්‌සමහාරාමය, බුත්තල, දෙහිඅත්තකණ්‌ඩිය, හඟුරන්කෙත සහ කහටගස්‌දිගිලිය යන ප්‍රදේශවල පවත්වා ඇති අතර එය ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන, සීමිත පහසුකම් සහිත සිසු සිසුවියන් බොහෝ දෙනකුට මහඟු අත්වැලක්‌ වී ඇත.

2014 සම්මන්ත්‍රණ මාලාවේ අවසාන සම්මන්ත්‍රණ දෙක පැවැත්වෙනුයේ මුලතිව් (ජුලි 26) සහ කුලියාපිටිය (අගෝස්‌තු 02) යන ප්‍රදේශවලය.

සම්පත් බැංකුව ක්‍රියාවට නංවන මේ සුවිශේෂී වැඩසටහන පිළිබඳව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණ හා ව්‍යාපාර සංවර්ධන තාරක රන්වල මහතා අදහස්‌ දැක්‌වූයේ මෙසේය. "මෙම සම්මන්ත්‍රණ මාලාවේ මූලික අරමුණ වන්නේ ජාතික මට්‌ටමේ විභාගයක්‌ වන පහ වසර ශිෂ්‍යත්වය සඳහා යහපත් හා විධිමත් ලෙස මුහුණදීමේ අභියෝගය ජයගැනීමට දරුවන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ට නිසි මඟපෙන්වීමක්‌ ලබාදීමයි. ඒ මගින් ඔවුන්ට අනාගත අභිවෘද්ධිය සඳහා පැහැදිලිව මඟ පෑදෙන බව අප විශ්වාස කරනවා. පහේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවට දිවයිනේ සෑම පළාතකම දරුවන් සහ දෙමව්පියන් වෙතින් ලැබෙන විශාල ප්‍රතිචාරවලින් පෙනී යන්නේ මෙම වැඩසටහන කෙතරම් සාර්ථක වී ඇත්ද යන්නයි. මෙම සම්මන්ත්‍රණ සංවිධානය කිරීම වෙනුවෙන් මා සම්පත් බැංකු කණ්‌ඩායමටත්, අප හා අත්වැල් බැඳගෙන සිටින නෙත් එෆ්. එම්. නාලිකාවටත් ස්‌තුතිවන්ත වෙනවා"
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.