අධ්‍යයන විශිෂ්ටත්වය උත්සවාකාරයෙන් සැමරූ
ANC සම්මාන රාත්‍රිය සහ උපාධි ප්‍රදානෝත්සවය-2014


ANC අධ්‍යාපන ආයතනයේදී සිය අධ්‍යයන සාර්ථකත්වය ළඟා කර ගත් සිසු සිසුවියන්ගේ කැපවීම සහ උත්සාහය ඇගයුමට පාත්‍ර කිරීම උදෙසා ජූලි මස 18 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී ANC සම්මාන රාත්‍රිය - 2014 පැවැත්වූයේ විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙනි. ANC හි සභාපති, ආචාර්ය ජගත් අල්විස්‌, ANC හි ප්‍රධාන විධායක නිලධාරී /විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය පුනර්ජීව කරුණානායක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ඇමරිකා එක්‌සත් ජනපද තානාපති කාර්යාලයේ සංස්‌කෘතික සබඳතා නිලධාරිනී ඩෝන් සුනී මහත්මිය Jදයබ F ණැබබැdහ විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය මැක්‌ පොවෙල්, ජාත්‍යන්තර වැඩසටහන් පීඨාධිපති මැමිකෝ රිව්ස්‌ මහත්මිය, මෙල්බෝර්න් ඵදඉasය ඩිප්ලෝමා විදුහලේ අධ්‍යක්‍ෂක ආචාර්ය සැලී ඇන් - විල්කින්ස්‌, ඵදබ්sය විශ්වවිද්‍යාලයේ පදනම් වසර අධ්‍යක්‍ෂිකා ඈන් බ්‍රියට්‌ මහත්මිය, එක්‌ එක්‌ විශ්වවිද්‍යාලයන් හි සහ ANC හි නියෝජිතයන්, සිසුන් සහ දෙමාපියෝ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. මෙහිදී සිසුන් 300 ක්‌ පමණ සිය උපාධි ලබා ගැනීමට සහ වෙනත් විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර ඉහළ ලකුණු ලැබූ 100 කට අධික සිසුන් පිරිසක්‌ ඔස්‌ටේ්‍රලියාවේ, ඇමරිකා එක්‌සත් ජනපදයේ, එක්‌සත් රාජධානියේ, කැනඩාවේ සහ මැලේසියාවේ විශ්වවිද්‍යාලයන් වෙත ඇතුළත් වී උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට සුදුසුකම් ලැබූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.