අබාන්ස්‌ හඳුන්වාදෙන TOTO REI-R
කාණ්‌ඩයේ ජල කරාම කට්‌ටල

විශිෂ්ටතම ටොටෝ සනීපාරක්‍ෂක නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ සිටින එකම බලයලත් අලෙවි නියෝජිතයන් වන අබාන්ස්‌ සමාගම විසින් නවතම ටොටෝ ජල කරාම කට්‌ටලයක්‌ වන TOTO REI-R කාණ්‌ඩයේ නිෂ්පාදන 2014 ජූලි 9 වැනිදා උත්සවාකාරයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති විශේෂ උත්සවයකදී හඳුන්වාදෙන ලදී.

ටොටෝ REI-R ජල කරාම කට්‌ටල ඔබේ නිවස කලඑළි ගන්වමින් වර්තමානයේ දැකිය හැකි නවීනතම ගෘහ නිර්මාණ ශිල්පයන්ට සරිලන පරිදි අභ්‍යන්තර ගෘහ අලංකරණය ද ඔප්නංවමින් අතිශය සරලව භාවිත කිරීමේ හැකියාවෙන් යුතුව නිෂ්පාදනය කර ඇත.

ලොව නවීනතම ගෘහ නිර්මාණ ශිල්පය සමඟ මනාව සංයෝජනය වෙමින් අතිනවීන තාක්‍ෂණය මුසුකරලමින් ටොටෝ නාන කාමර කට්‌ටල නිපදවා ඇත. ටොටෝ REI-R ජල කරාම කට්‌ටල මෙන්ම නාන කාමර කට්‌ටල නවීනත්වය මුසු වූ සුඛෝපභෝගී භාවයක්‌ ඔබගේ නිවසට නිරන්තරව එක්‌කිරීමට සමත් වෙයි.

වර්තමාන වෙළෙඳපොළේ දැකිය හැකි නාන කාමර සහ සනීපාරක්‍ෂක නිෂ්පාදනවලට නව මුහුණුවරක්‌ දෙමින් විවිධ පරීක්‍ෂණයන් සිදුකරමින් නවීන ලෝකයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සිය නිෂ්පාදන අලුතෙන් වෙළෙඳපොළට හඳුන්වාදීමට සමත් වීමත් සමඟ ඔවුන්ගේ නිෂ්පාදනවල අලෙවිය ලොව පුරාම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය. ඒ අන්දමින් ටොටෝ විසින් හඳුන්වා දෙන්නට යෙදුණු නවීනතම නිෂ්පාදනයක්‌ වන ටොටෝ එකෝ වොෂරය (Eco Washer) සනීපාරක්‍ෂාව මෙන්ම සුව පහසුව ද සහතික කරයි. සුපිරිසිදුතාවය සහ සෞඛ්‍යාරක්‍ෂාව එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත. අපද්‍රව්‍ය ඉවත් කරමින් සුපිරිසිදුතාවය රැකගැනීමේ ප්‍රධානතම මාධ්‍ය වන්නේ ජලයයි. මෙහි ඇති වැදගත්කම හොඳින්ම අවබෝධ කරගත් ටොටෝ සමාගම සුපිරිසිඳුභාවය, සෞඛ්‍යාරක්‍ෂාව සහ සුව පහසුව හොඳින්ම රැකෙන පරිදි සිය නිෂ්පාදන සකස්‌ කර ඇත.

නවතම ටොටෝ REI-R ජල කරාම කට්‌ටල කොල්ලුපිටිය අබාන්ස්‌ එලයිට්‌ ප්‍රදර්ශනාගාරයේදී මෙන්ම නුගේගොඩ, නාවල පාර, කුරුණෑගල, මහනුවර, මාතර සහ නිට්‌ටඹුව යන ස්‌ථානවල පිහිටා ඇති අබාන්ස්‌ බලයලත් ටොටෝ අලෙවි නියෝජිතයන්ගෙන් ලබාගත හැක.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.