ශ්‍රී ලංකාවේ සෝනි දුරකථන අලෙවි නියෝජිත ලෙස
සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කෙරේ


සෝනි ශ්‍රී ලාංකා කාර්යාල ප්‍රධාන නියෝජිත එම්. රසාලි යාකූබ්, ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌, සෝනි ශ්‍රී ලාංකා අලෙවි ප්‍රධානී ඩිල්ශාන් ගම්මන්පිල, සෝනි සන්නාම කළමනාකරු ශමිල් ගුණතිලක යන මහත්වරු විසින් Xperia Z2 waterproof ස්‌මාර්ට්‌ෆෝනය හඳුන්වා දුන් අයුරු.
ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

ප්‍රභාත් විතාන

සෝනි කෝපරේෂන් හී උප සමාගමක්‌ වන සෝනි මොබයිල් කොමියුනිකේෂන්ස්‌ (සෝනි මොබයිල්) අලෙවි නියෝජිත ලෙස මෙරට අංක එකේ වෙළෙඳනාමයක්‌ මෙන්ම අංක එකේ ස්‌මාර්ට්‌ෆෝන් අලෙවි සමාගම වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පෙරේදා (22දා) පත් කරන ලදී.

සෝනි අග්නිදිග ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධාන නියෝජිත එම්. රසාලි යාකුබ් සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22දා) පස්‌වරුවේ කොළඹ කින්ස්‌බරි හෝටලයේ පැවැත් වූ අතිඋත්කර්ෂවත් උත්සවයකදී අදාළ පත් කිරීම සිදු කෙරිණි.

මෙම උළෙලේදී Xperia Z2 නමින් superior display, 4K recording සහ Digital Noise Cancelling තාක්‌ෂණයෙන් සමන්විත නව මාදිලියේ ප්‍රථම පෙළේ ආඑeරචරදදෙ ස්‌මාර්ට්‌ෆෝනය ශ්‍රී ලංකා වෙළෙදපොළට හඳුන්වාදෙනු ලැබීය.

Xperia Z2 LTEයනු සෝනි හී තත්ත්වයෙන් විශිෂ්ට waterproof ස්‌මාර්ට්‌ෆෝනයක්‌ වන අතර මෙය ඉස්‌තරම් ආකාරයේ ඩිස්‌ප්ලේ, ශබ්ද, කැමරා සහ උසස්‌ තත්ත්වයේ කෑම්කෝඩර් තාක්‌ෂණයන් මෙන්ම සුවිශේෂි විනෝදාශ්වාද අවස්‌ථා සහ අනෙකුත් සමකාලීන නිෂ්පාදනයන් හා සමාන වැඩිදියුණු වූ පරිසර හිතකාමී පද්ධතීන්ගෙන් සමන්විත වේ.

සෝනි ආයතනය සතු විශිෂ්ට කැමරා තාක්‌ෂණය සමඟ ලොව හොඳම මොබයිල් කැමරාව සහ දැනට පවතින උසස්‌ තත්ත්වයේ කෑම්කෝඩරය සහ මි.මි. 8.2 ක සිහින් ඝණත්වයෙන් යුතු Xperia Z2 අන් කිසිදු ස්‌මාර්ට්‌ෆෝනයකට නොදෙවෙනි ස්‌මාර්ට්‌ෆෝනයකි. මෙගා පික්‌සල් 20.7 සහ සාමාන්‍ය ස්‌මාර්ට්‌ෆෝනයකට වඩා 30% කින් විශාල සෙන්සර් උපකරණවලින් සමන්විත Xperia Z2 ඇන්ඩ්රොයිඩ් ස්‌මාර්ට්‌ෆෝනය සෝනි ආයතනය විසින් හඳුන්වාදුන් කොම්පැක්‌ට්‌ ඩිජිටල් කැමරාවක්‌ හා සමානය. මෙහි ප්‍රතිඵලය වනුයේ සුපිරි මට්‌ටමේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාවයි. Xperia Z2 සමඟින් ඔබට ලොව පිළිගත් උසස්‌ තත්ත්වයෙන් යුත් 4ණ වීඩියෝවක්‌ තැටිගත කළ හැකි බැවින් ඔබට ඔබගේ ජීවිතයේ සුවිශේෂි අවස්‌ථා උසස්‌ තාක්‌ෂණය හරහා සැමදා රස විඳිය හැකිය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සෝනි ශ්‍රී ලාංකා කාර්යාල ප්‍රධාන නියෝජිත එම්. රසාලි යාකූබ් මහතා-සෝනි මොබයිල්ස්‌ හී එකම වරලත් අලෙවිකරු ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කිරීම සමඟ අපි අපගේ අලෙවි ජාලයේ විශාල පෙරලියක්‌ ඇති කළා යෑයි කියා සිටියේය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌ මහතා අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ ස්‌මාර්ට්‌ෆෝන් වෙළෙදපොළේ ප්‍රමුඛතම වෙළෙඳ නාමය වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සෝනි මොබයිල්ස්‌ පාරිභෝගික සහ ව්‍යාපාරික යන දෙපාර්ශ්වය සඳහා අති නවීන මොබයිල් ෆෝන් තාක්‌ෂණය හඳුන්වාදෙන ලොව පුරෝගාමී සමාගමක්‌ ලෙසට හඳුනාගෙන ඇතැයි කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.