වෛද්‍ය සංගමයට එරෙහි
වාරණය ඉවතට


අජිත් අලහකෝන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල දැරීම වළක්‌වාලමින් එහි සභාපති ළමා ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු නිලධාරී මණ්‌ඩලයට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය ඊයේ (06 දා) ගල්කිස්‌ස දිසා අධිකරණය විසින් ඉවත් කරන ලදී.

ඒ අනුව නව වසර සඳහා පසුගිය නිලවරණයේදී තේරී පත්වූ නිලධාරීන්ට තම ධුරවල කටයුතු කර ගෙන යා හැකිය. එමෙන්ම වාරණ නියෝගය නිසා වසා දැමුණු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කාර්යාලයද ඊයේ සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම වෛද්‍ය ලලන්ත සහ නිමල් රත්නායක යන මහත්වරුන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් විශ්වාසභංග යෝජනාවක්‌ මගින් ඉවත් කර ඇති හෙයින් ඔවුන්ට එම සංගමයේ භාරකාර මණ්‌ඩලයේ සාමාජිකයන් ලෙස ඉදිරිපත් වීමේ හැකියාවක්‌ නැතැයිද අධිකරණය විසින් නියෝග කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.