2014 අගෝස්‌තු 14 බ්‍රහස්‌පතින්දා

 

    
   Divaina Editor
    contact webmaster
   


දොස්‌තර සංගමයක්‌ ඒ දොස්‌තර 'වනසා දමයි'

දොස්‌තර රිමාන්ඩ්
ඇමෙරිකාවේදී රෝගීන්ට ලිංගික අතවර කළැයිද දොස්‌තරට චෝදනාවක්‌

'එය සැත්කමකට සුදුසු තැනක්‌ද නොවේ නිවෙසක කාමරයක්‌'
ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති කියයි

රූපලාවන්‍ය සැත්කමක්‌ සඳහා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් ආයතනයක්‌ වෙත ගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මියයැමට හේතුවූ එන්නත් විද ඇති වෛද්‍ය නිමල් ගමගේ එවැනි ශල්‍ය වෛද්‍යවරයකු නොව සාමාන්‍ය එම්. බී. බී. එස්‌. උපාධිධාරී වෛද්‍යවරයකු පමණක්‌ බව ශ්‍රී ලංකා ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දුලිප් පෙරේරා මහතා පවසයි.

'කණ්‌ඩුල' හිටපු ඇමැති පුතා සඟවාගෙන සිටි පැටවෙක්‌
මාතලේ පොලිසිය මගින් පෙරේදා (12 දා) සවස අත්අඩංගුවට ගන්නා ලද කන්ටේනර් රථයක සිටි අලි පැටවා කලක්‌ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අයකුගේ පුතකු විසින් සඟවා තබාගෙන සිටි අලි පැටවකු බවට වනජීවී දෙපාර්තමේන්තුවේ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අලුත්ගම - බේරුවල නිවාස 55 ක්‌ හා වෙළෙඳසල් 13 ක්‌ පිළිසකර කර දෙයි
අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හටගත් කලබල නිසා හානියට පත්ව තිබූ නිවාස 55 ක්‌ සහ වෙළෙඳසල් 13 ක්‌ යුද හමුදාව සහ නාවික හමුදාව විසින් පිළිසකර කර ඒවා හිමිකරුවන් වෙත නැවත භාර දී ඇත.

'දිවයින'  සැනෙකින් පුවත්

රෙබෙකාගේ රඟපෑම් නිමවේ

වෙදහාමිනේ ලෙස ප්‍රචලිත වූ ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී ඊයේ (13දා) අලුයම අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට හතළිස්‌ නව වැනි වියෙහි පසුවූ රෙබෙකා කලක්‌ තිස්‌සේ පිළිකා රෝගයට ගොදුරුවී මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියාය.

ටෙලිමේල් "පණ අදී"

තැපැල් විදුලි පණිවිඩ සේවාව (ටෙලිග්‍රෑම්) අහෝසි කොට ඒ වෙනුවට හඳුන්වා දුන් ටෙලි මේල් සේවාව අපේක්‍ෂිත ඉලක්‌ක ජය ගැනීමට නොහැකිව පණ අදින තත්ත්වයට පත්වී ඇතැයි ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ජයන්ත විඡේසේකර මහතා "දිවයින"ට ඊයේ (13 දා) පැවැසීය.

කොළඹ පන්සලක්‌ කෝටි 2යි !

බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාව සමඟ දැඩිලෙස සබඳකම් පවත්වන චීවරධාරියකු කොළඹ නගරයේ පිහිටි විහාරස්‌ථානයක්‌ රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියක්‌ බුද්ධි අංශවලට හෙළිවී ඇත.

  • පල්ලේකැලේ රැඳවියෝ තම වියළි සලාක පොළොන්නරුවට තෑගි කරති
    පොළොන්නරුවේ නියඟයෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට තම රාත්‍රි ආහාර වේල් පහක වියළි සලාක ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් කැමත්ත පළ කර ඇත.ස්‌වකීය රාත්‍රි ආහාර වේල මෙලෙස පරිත්‍යාග කිරීමට මරණීය දඬුවම නියමවී සිටින රැඳවියන් 98ක්‌ සහ මරණීය දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර...
     
  • කොක්‌අඩිචෝලේ වැටලීමට ගිය
    පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාරයක්‌

    10 දෙනෙක්‌ රෝහලේ
    කොක්‌අඩිචෝලේ කාංචනකුඩාපත්ෙච්න ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සහ ප්‍රදේශවාසීන් අතර පෙරේදා (12 වැනිදා) රාත්‍රී ඇතිවූ පුංචි යුද්ධයකින් පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු ඇතුළු දසදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.වැටලීමට ගිය පොලිස්‌ නිලධාරින්ට පහර දුන් පත්ෙච්න ග්‍රාමයේ කලහකාරී පිරිසක්‌ ඔවුන් පැමිණි කැබ් රථයටද ගිනි...
 
  • බඳගිරියට ජලය එපා
    ලුණුගම්වෙහෙර ගොවීහු විරෝධතාවක

    මව්ආර ජල යෝජනා ක්‍රමය යටතේ වී වගාකර ඇති හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයට ලුණුගම්වෙහෙර ජලාශයෙන් ජලය නිකුත් කිරීමට නිලධාරීන් ගෙන ඇති තීරණවලට එරෙහිව ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීහු පිරිසක්‌ විරෝධතාවයක නිරත වූහ.පවතින අධික වියළි නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් බඳගිරිය ප්‍රදේශයෙහි වී වගාවන්ට ජලය...

 

  • නියඟයට මුල නීතිය වල් වැදීමයි
    අප ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක හැරුණු විට රට පුරා විශාල ප්‍රදේශ ගණනාවක, විශේෂයෙන් ම වියළි කලාපය ප්‍රමුඛ කොට සුවිශාල ජනතාවක්‌ මේ වන විට උග්‍ර ජල හිඟයකින් බලවත් සේ පීඩාවන්ට පත් වී සිටිති. සිය වගාවන්ට අවශ්‍ය කරන ජලය තබා බීම ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකිව අන්ත අසරණව සිටින බහුතර ජනතාව ගැන රටේ අවධානය...

  

  • සී.ඊ.ඕ. කෙනෙකු යටතේ
    සුපිරි සංචිතයකින් පදක්‌කම් සෙවීමේ තැතක්‌

    මෙරට ක්‍රීඩාව මෙතෙක්‌ ගලාගිය ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස්‌ මාවතකට යොමුකරමින් වඩාත් වෘත්තීය මට්‌ටමෙන් පදක්‌කම් සොයා යැමේ වැඩපිළිවෙලක්‌ සඳහා යොමුවීමට ක්‍රීඩා අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වේ.ඒ අනුව ශ්‍රී ලංකාවට පදක්‌කම් දිනාගැනීමේ වැඩිම සම්භාවිතාවක්‌ සහිත ක්‍රීඩා 6 ක්‌ තෝරාගෙන, සිව් අවුරුදු සැලැස්‌මක්‌ අනුව අදාළ කාලය...

  

Kapruka Shopping |  News




 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.