රට පුරාම රූපලාවණ්‍යාගාර දැඩි සෝදිසියට

නෝමන් පළිහවඩන

රටපුරා සිටින සියලුම රූපලාවන්‍ය ශිල්පීන්ට තම වෘත්තිය පිළිබඳව තිබෙන පළපුරුද්ද සහ එම රූපලාවන්‍යාගාරවල තිබෙන ආලේප වර්ග පිළිබඳව සෝදිසි කිරීමට තීරණය කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

හතු පිපෙන්නාක්‌ මෙන් බිහිවෙන රූපලාවන්‍ය ශිල්පිනියන් වැඩි ආදායමක්‌ ලබා ගැනීමේ අරමුණින් රූපලාවන්‍යාගාර ආරම්භ කරන අතර එක්‌ නගරයක රූපලාවන්‍යාගාර විශාල සංඛ්‍යාවක්‌ තිබෙන බව පාරිභෝගික අධිකාරිය කියයි. කාන්තාවන්ගේ මුහුණු ලස්‌සන කිරීම, කොණ්‌ඩය විවිධ ආකාරයට වෙනස්‌කර ගැනීම සහ මුහුණේ රැලි නැති කිරීම පවා මෙම රූපලාවන්‍ය ශිල්පීන් සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති මර්ෂුක්‌ මහතා පැවසීය. කාන්තාවන්ගේ මුහුණේ ආලේප කරන විවිධ ක්‍රීම් වර්ග වෙළෙඳ පොළේ මෙන්ම පදික වේදිකාවේ පවා විකුණන බවට තොරතුරු ලැබීම නිසා මෙම රූපලාවන්‍ය මධ්‍යස්‌ථාන සෝදිසි කරන බව පාරිභෝගික අධිකාරිය කියයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.