2014 අගෝස්‌තු 17 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

බොදු බලයෙන් ප්‍රශ්න මතුවෙයි

බොදුබල සේනා සංවිධා නයේ ක්‍රියාකලාපය නිසා ආණ්‌ඩුව අභ්‍යන්තරයේ අර්බුද නිර්මාණය වී මේ වන විට මැති ඇමැතිවරු පිල් දෙකකට බෙදී ඇත.

නීතිය හමුවේ කියෑවෙන
ජය සිරිමහා හාමුදුරුවන්ගේ ඉරණම

රථගාලවල් ඉදිවිය යුත්තේ ශ්‍රී මහා බෝධීන් වහන් සේට සැලකිය යුතු දුරකින් වන අතර එය අඩුම තරමින් මීටර් 500 ක්‌ වත් විය යුතුය.

අමතක නොවන සේ තබාගිය මතකයක සුවඳ

ඇය සහෝදර ශිල්පීන්ගේ ලබැඳි මිතුරියක්‌ වූයේ කිසි කලෙකත් කෙනෙකුගේ සිත් නොරිදූ නිසාය. දර්ශන තලයේදී තේ කෝප්පය රැගෙන එන පුද්ගලයාටද ඇය මිතුරියක්‌ විය.


ළමයාගේ ඉගෙනීම කඩන්න හදනවා කියලා ගුරුවරු මට බැන්නා

සුනිලා ජයවර්ධන මාතාව ලෝක පූජිත ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වන තම පුත්‍රයාගේ ක්‍රිකට්‌ දිවිය දෛවානුකූලව ගොඩ නැගුනු ආකාරය රස කරමින් එලෙස පවසන්නේ මහත්වූ උද්යෝගයකිනි....


උසස්‌ පෙළ විභාග අවුලේ තිත්ත ඇත්ත මෙන්න

ආචාර්ය මහා චාර්යවරුන් පියවර ගෙන තිබුණේ උසස්‌ පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සකස්‌ කරන ප්‍රධා නියා හෙවත් ප්‍රධාන පාලක පරීක්‍ෂකවරයා ලෙස කටයුතු කළ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීමය.


ලබන ඡන්දෙදි අපි ඒ අය ගැන බලා ගන්නවා - ගලගොඩ අත්තේ ඥානසාර හිමි

චෝදනාවට චෝදනාවෙන් පිළිතුරු දීමේ මානව අයිතිය බුද්ධ වචනයෙන් ම අපිට දීලා තියෙනවා. ඒ අයිතියට අනුවයි අපි රාජිත සේනාරත්නට අභියෝග කළේ.


බොදුබල සේනාවට කරන්න පුළුවන් ඉටිගෙඩියක්‌ නෑ
- රාජිත සේනාරත්න

මේ අය නෝර්වේ යන්න ටිකට්‌ ගත්හැටි, එහෙ ගිහින් හෝටල්වල නතර වී සිටිහැටි, දෙමළ ඩයස්‌පෝරාවේ හත් දෙනෙක්‌ එක්‌ක සාකච්ඡා පැවැත්වූ හැටි, විස්‌තර තිබෙනවා.


අපේ වෙදදුරු
සැත්කමින් තොරව හදවත් රෝගීන්ට ප්‍රතිකාර

ඕනෑම අවස්‌ථාවක තම පපුවේ වේදනා වක්‌, බර ගතියක්‌ දහදිය දැමීමක්‌, කර කැවිල්ලක්‌, හුස්‌ම ගැනීමේ අපහසුතාවක්‌ තිබෙනවා නම් වහාම තමා කරමින් සිටිය කාර්ය නතර කර විවේක ගත යුතුයි.

දිවයින  සැනෙකින් පුවත්

ලංකා දුම්කොළ සමාගම මගින් සිය දුම්වැටි අලෙවි කරනු ලබන වෙළෙඳුන් ගෙන්වා ගෙන ඔවුන්ට වැඩමුළු පවත්වමින් නීති විරෝධී ප්‍රචාරණයක්‌ ලබා දෙන බවට චෝදනා කරමින් ජාතික සංඝ සම්මේලනය එම වැඩමුළුව පැවැත්වෙන කොළඹ, කොටුවේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්‌ථානය වෙත ගොස්‌ සිය විරෝධය පළකළ අයුරු.
ඡායාරූප - කමල් බෝගොඩ

ඉදිරි දශකය තුළ වියළි කලාපයේ නියඟය රට පුරා පැතිරේවි

මේ ප්‍රදේශයේ තිබෙන භූගත ජලය සහ උල්පත් ජලය විශාල වශයෙන් මහජනතාව විසින් පරිභෝජනයට ගැනීමත්, මේ නියඟයට හේතුවක්‌. මේ පළාත්වල අද විශාල වශයෙන් නළ ළිං සහ වගා ළිං ඇතිකර තිබෙනවා.


දරුවන් අතුරුදන් වූ මන්නාරමේ අම්මලාගේ කඳුලු!

එල්.ටී.ටී.ඊ.යෙ සේනාව අඩුවෙන කොට එල්.ටී.ටී.ඊ. නායකයො කළේ හැම පවුලකින්ම එක්‌කෙනෙක්‌ යුද්දෙට බඳවා ගන්න ඕනෙ කියලා බලපෑම් කළ එක. රැයක්‌ දවාලක්‌ නැතුව ආයුධ අමෝරගෙන ඔවුන් ගෙවල්වලට ගියා කියලා තමයි මට මන්නාරමේදී හම්බවුණු ගොඩක්‌ අම්මලා කිව්වේ.


මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?

'Sri Lanka is very bad' අපි පුදුමයෙන් ඔවුන් දෙස බලා සිටියෙමු. නැවත කිසිම දිනක ලංකාවේ සංචාරයක්‌ නොකරන ලෙසට ඔවුන්ට ලංකාව එපා වී තිබිණි. ලංකාව ගැන ඔවුන් කතා කළේ පුදුම කළකිරීමකිනි.


රූපලාවන්‍යාගාරයේ ඛේදවාචකය
හසුව හොර වෙදෙකුට
ගොදුරු විය රුදුරු මරු හට

වෛද්‍ය ප්‍රියංගනී, ව්‍යාජ වෛද්‍යවරයෙකු හරහා රූපලාවන්‍ය සැත්කමක්‌ කර ගැනීමට යැමෙන් අකාලයේ මිය ගොස්‌ ඇත. රටට වැඩදායී පුරවැසියකු මෙන්ම ඇයගේ දරුවන්ට ආදරණීය මවකද, සැමියාට ආදරණීය බිරිඳක්‌ද අහිමි වී ගොසින් අවසානය.


ගැලපෙනව නම් කවුරු වුණත් කමක්‌ නැහැ...
- මැණික්‌ විජයවර්ධන

* මැණික්‌ කැමති මොන
   මැණික්‌ වලටද?
වැඩියෙන්ම කැමති නිල් මැණික්‌වලට
* එතකොට මේ මැණිකේ
   අයිතිකාරයා කවුද?
තවම මේ මැණිකට අයිති කාරයෝ නැහැ.....


කවුරුත් දන්නෙ නෑ...
මැතිනිය දක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරියක්‌!

මැතිනිය දරුවන්ට හොඳ අම්මා කෙනෙක්‌ වගේම දක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරියක්‌. ඒ කාලේ මන්ත්‍රීවරුන්ගේ ඇස්‌වල පුංචි පුංචි ලෙඩවලට මැතිනිය බෙහෙත් කළා. බෙහෙත් දාන්නේ වේලයි. දෙකයි. ලෙඩේ හොඳයි. පුදුම අත්ගුණයක්‌.

නියඟය නොපෙනෙන කලාකරුවෝ

ඉතිහාසය පෙන්වා කෝටි ගනණින් හම්බ කර ගන්නා චිත්‍රපටි නිෂ්පාදකයෝ සිටිති. නියඟයෙන් ගහ කොළ ගොයම හේන විනාශ වු මිනිසුන් දහස්‌ ගණනක්‌ කෑමට යමක්‌ නැතිව අපේ මේ කුඩා රටේ තවත් තැනෙක දුක්‌ විඳිති.

 
  • නවිපිල්ලෙට දෙන්න ද්‍රවිඩ
    සන්ධානය සාක්‌කි සොයයි

    ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කොටි හිතවාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු උතුරේ හිටපු කොටින්ගේ නිවාසවලට යමින් ලිඛිත සාක්‌ෂි හා කටඋත්තර ලබාගැනීම අරඹා ඇතැයි උතුරේ බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

  • කෝප් හෙළිකළ වංචා සිදුකළ
    අමාත්‍යාංශ ලේකම්වරුන්ට නඩු

    මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ එක්‌ එක්‌ වංචාවන්ට අදාළව වෙන් වෙන් වශයෙන් නඩු හතළිස්‌ පහකට ආසන්න ප්‍රමාණයක්‌ ගොනු කිරීම සඳහා මේ දිනවල නීති උපදෙස්‌ ලබා ගනිමින් සිටින බව දූෂණ විරෝධ හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" ප්‍රකාශ කළේය.

  • මර්වින්ගෙන් මාධ්‍යවේදීන්ට
    ධර්ම දේශනයක්‌...

    ඔහු ඉතා ඉවසිලිවන්තව එක්‌ එක්‌ සූත්‍රවලින් ගාථා හා කොටස්‌ උපුටා ගනිමින් මාධ්‍යවේදීන්ගේ තර්ක මඟහරින්නට උත්සාහ කළේය. අන්තිමේ මෙය මර්වින් මාධ්‍යවේදීන්ට දෙසූ අමතර බණක්‌ම බවට පත්විය. ඒ බණට මෙල්ල වූ මාධ්‍යවේදීන් පසුව ශාලාවෙන් පිටව ගිය පසු නිසි පරිදි මහ නාහිමි හා ඇමැතිවරු අතර සාකච්ඡාව ඇරඹිණි.

  • හිටපු හමුදා කපිතන් සාන්ජ් මොහමඩ් සහ
    කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රභූ ඝාතන සැලසුම

    මෙම මැලේසියානු කොටි සැලසුම කුමක්‌ද? ඒ මෙරටට ප්‍රභූන් දෙදෙනකු ඝාතනය කිරීමයි. ඉන් එක්‌ අයෙක්‌ දේශපාලකයකු වන අතර අනිත් තැනැත්තා ඉහල පෙළේ ආරක්‍ෂක බලධාරියෙකි. එකී සැලසුමේ ප්‍රධාන අංගය නම් ගුවන් යානා නාශක මිසයිල මගින් එම ප්‍රභූන් ගමන් කරන යානාවලට ප්‍රහාර එල්ල කිරීමයි.

       

  • අල සහ ලූනු බද්ද ඉහළ නැංවූයේ ඇයි?

    බඩු මිල සම්බන්ධයෙන් කවදත් මහජනතාව තුළ විවේචනයක්‌ තිබේ. ඒ බඩු මිල වැඩි බවටය. එසේම ජීවත්වීමේ ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බවටය. බඩු මිල දිගින් දිගටම වැඩි වෙමින් පවතින නිසාත් පොදුවේ මිල මට්‌ටමේ අඩුවීමක්‌ සිදු නොවන නිසාත් එහි ඇත්තක්‌ ද තිබේ.

  • ඒෂියන් එලායන්ස්‌ රක්‌ෂණ සමාගමෙන්
    විශ්‍රාමිකයන්ට 'බුහුමන් රක්‌ෂණාවරණය'

    මේ යටතේ රක්‌ෂණ සැළසුම් වර්ග 3 ක්‌ පිරිනැමෙන අතර තම ආර්ථික ශක්‌තිය අනුව තමන් කැමැති රක්‌ෂණ සැළසුමක්‌ තෝරා ගැනීමේ අවස්‌ථාව විශ්‍රාමිකයන්හට හිමිවේ. එමෙන්ම සෘජුවම තම විශ්‍රාම වැටුපෙන් රක්‌ෂණ වාරිකය ගෙවීමේ හැකියාවද මින් ලබාදී ඇත.

 

* සිනමා ක්‍ෂේත්‍රයේදී ඔබට තරහාකාරයෝ නැද්ද?
අනේ නැහැ. තරහ ගන්න තරම් බූදලයක්‌ මේකේ නැහැනේ. 2000 ඉඳන් 2013 වෙනකං ජනප්‍රිය නළුවා සම්මානය මට හම්බුවෙලා තියෙනවා. සරසවි සම්මාන, ජනතාවගේ සම්මාන, හොඳම නළුවා ආදී සම්මාන ඔක්‌කොම මට හම්බු වෙලා තියෙනවා.

  • අමරණීය ගාලු තෑග්ග

    මහේලට එම තෑග්ග ලබා දෙන්නට මැතිව්ස්‌ කළ සමත්කම් මත එම තරගය අමරණීය ටෙස්‌ට්‌ තරගයක්‌ බවට පත් වුණා. ලොව බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ටද ගාල්ලේදී එවැනිම සමු ගැනීමක්‌ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 2010 වසරේදී සමත් වුණා.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.