සුන්නි අන්තවාදීහු සිරියාවේ 700 ක්‌ ඝාතනය කරති

ජිහාඩ් ත්‍රස්‌තවාදීන් ඉරාකයේ මෙන්ම සිරියාවේද මහා මනුෂ්‍ය ඝාතන රැසක්‌ සිදුකර ඇති බව හෙළි වී ඇත.

උතුරු ඉරාකයේ දී අයි. එස්‌. අයි. එස්‌. සාමාජිකයන් යසාදි ගෝත්‍රිකයන් 80 දෙනකු ඝාතනය කර ඇත.

මේ අතර සිරියාවේ සීර් එසාර් ප්‍රාන්තයේ සති දෙකක්‌ ඇතුළත ජිහාඩ්වරුන්ට විරුද්ධ ගෝත්‍රිකයන් 700 ක්‌ ඝාතනය කර ඇත. සුන්නි අන්තවාදීන්ගේ සටන් නිසා ඉරාකයේ මිලියනයක්‌ අනාථ වී ඇත.

ඇමරිකානු ගුවන් හමුදාව ඉකුත් සෙනසුරාදා දිනයේත් මේ ත්‍රස්‌තයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.