ලැප්ටොප්, අයිපෑඩ් හරහා
ජාත්‍යන්තරයට දැල එළයි

කටුගස්‌තොටින් ඇල්ලූ කුඩුකාරයන් 4 දෙනා
රටවල් ගණනාවකටම අවශ්‍ය කරන අය


නෝමන් පලිහවඩන

ඉකුත් සතියේ කටුගස්‌තොටදී මත්කුඩු කිලෝ 59 ක්‌ සමග අත්අඩංගුවට ගත් හතර දෙනාගේ කල්ලිය මැලේසියාව, පාකිස්‌ථානය ඇතුළු තවත් රටවල් කීපයකටම අවශ්‍ය කරන පුද්ගලයින් බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මෙම කල්ලිය මැලේසියාවේ සහ පාකිස්‌ථානයේ සිට විවිධ රටවලට මත්කුඩු මහා පරිමාණයෙන් බෙදාහැර ඇති බව පොලිස්‌ පරික්‍ෂණවලදී හෙළි වී තිබේ.

මෙම මත්කුඩු තේ කොළ පාර්සල් ලෙස බෙදාහැර ඇත.

මෙම කල්ලිය පිළිබඳව ලැබුණු තොරතුරු ඔස්‌සේ වසර 1 1/2 පමණ කාලයක්‌ සෙවිල්ලෙන් පසු වූ මත්ද්‍රව්‍ය නාශක අංශය මෙම වැටලීම සිදුකර ඇත.

මේ අතර දැනට ශ්‍රී ලංකාවේ සිටින මත්ද්‍රව්‍ය කල්ලි අතරින් ප්‍රධාන පෙළේ කල්ලිය ඔවුන් බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙම කල්ලිය පරිහරණ කරන ජංගම දුරකථන පරික්‍ෂා කිරීමෙන් ශ්‍රී ලංකාව, පාකිස්‌ථානය, මැලේසියාව යන රටවල විවිධ පුද්ගලයන්ගේ අංක ගණනාවක්‌ සොයාගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.