ඇමරිකානු ඡායාරූප ශිල්පියාගේ හිස ගැසූ වධකයා බ්‍රිතාන්‍ය ජාතික ජෝන් යෑයි හඳුනා ගනී

ඇමරිකානු ඡායාරූප ශිල්පියකු වූ වයිට්‌ගේ හිස ගසා දැමීම සිදු කළ වධකයා බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ජෝන් යෑයි හඳුනාගෙන ඇත.

මොහු ලන්ඩන් නුවර සිට සිරියාවට ගොස්‌ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ට එක්‌ වී තිබේ.

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ මොහුව හඳුනාගෙන ඇත. මේ අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පැවසුවේ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයන්ට එක්‌ වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් නැවත බ්‍රිතාන්‍යයට පැමිණ ඝාතන සිදු කිරීමට ඉඩ ඇති බවයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.