ඇමැති කතා නිසා අපිට පාරේ යන්නත් බැහැ

අපි පිං බතාලා නෙවි

සෞඛ්‍ය ලොක්‌කෙක්‌ කියයි

අජිත් අලහකෝන්

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැති තනතුර ගත් දා පටන් අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව කරන ප්‍රකාශ නිසා තමන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශයේ ජනරාල්ලා අටදෙනෙක්‌ වගේම නියෝජ්‍ය ජනරාල්ලා පඳුරු ගානේ සිටියත් ගාල්ලේ පැවැති උත්සවයකට කිසිවකු පැමිණ නැතැයි සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් නිලධාරීන් දැඩි අප්‍රසාදයෙන් යුතුව පසුවන බව ද හෙතෙම කීවේය.

අප කලින් යොදාගත් වැඩසටහන් තිබුණා. අනෙක එදා ගාල්ල කරාපිටිය රෝහලේ තිබුණේ මුල්ගල් තැබීමේ උත්සවය. අපිට දේශපාලකයන්ගේ පසුපස යන්න වුවමනාවක්‌ නෑ. මේ තනතුරු ගත්තේත් දේශපාලකයන් පසුපස ගිහින් නොවේ. අපි වෛද්‍යවරු. වෘත්තියෙන් හොරකම් කරන පිං බතාලා ලෙසයි ඇමැතිවරයා අපව හඳුන්වන්නේ. ඇමැතිවරයා සෞඛ්‍ය විෂය භාර අරගෙන වසර හතරයි. මේ අවුරුදු හතර තිස්‌සෙම නිලධාරීන් හොරු කියමින් ඇමැතිවරයා චෝදනා කරනවා. ඒත් කාටද දඬුවම් දුන්නේ? වෛද්‍ය සැපයීම් අංශයේ ලිපිකරුවකු විතරක්‌ ගෙදර යෑව්වා. මේ අවුරුදු හතරටම කළේ එපමණයි යෑයි ද ඉහත නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.