වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා කළැයි බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ්

චමින්ද සිල්වා

හික්‌කඩුව ආරච්චිකන්ද රෝහලේ වෛද්‍යවරයකුගේ රාජකාරියට බාධා වන ලෙස හැසිරුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (25 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් පහර කෑ ඔහුගේ බිරිඳ ප්‍රතිකාර සඳහා ආරච්චිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී සැකකරු දැඩි සත්කාර ඒකකයේ දොර බලෙන් විවෘත කර ඇතුළට පැමිණ වෛද්‍යවරයාට ද බැණ තර්ජනය කර පහරදීමට උත්සාහ කර තිබේ. වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් රෝහල් පොලිසිය දැනුවත් කර සැකකාර බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට ගෙන හික්‌කඩුව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.