කාත්තන්කුඩි දැරියගේ ඝාතකයාට
මරණ දඬුවම ඉල්ලා උද්ඝෝෂණ


ජවුµර් ඛාන් - මඩකලපුව

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ 8 හැවිරිදි දැරියක දූෂණය කර මරා දැමූ සැකකරුට මරණ දඬුවම ලබාදෙන ලෙසත්, එම සැකකරු වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී නොසිටින ලෙසත් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක්‌ ඊයේ (13 දා) කාත්තන්කුඩි ප්‍රදේශයේදී පැවැත්විණි.

විශාල ජන සහභාගිත්වයකින් යුතු වූ මෙම උද්ඝෝෂණය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති අතර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍යංශයට හා කාත්තන්කුඩි දිසාපතිවරයාට මෙහිදී උද්ඝෝෂකයන් විසින් ලිපියක්‌ ද භාරදෙන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.