නගර අලංකරණයේදී මේ ගැනත් සිතන්න

මහියංගණය නගරය අලංකාර කිරීමේ වැඩපිළිවෙලක්‌ ටික කලක පටන් ක්‍රියාත්මක කෙරෙයි. එය අගය කළ යුතු කාර්යයකි.

එහෙත් මෙම වැඩපිළිවෙල ආශ්‍රිත ඇතැම් ක්‍රියාකාරකම් අගය කළ නොහැකිය.

උදාහරණයක්‌ ගෙන හැර දක්‌වතොත්, ශ්‍රී ලංගම බස්‌ නැවතුම් පොළ භූමියේ රුක්‌ රෝපණ ක්‍රියාවලිය අසාර්ථක වී ඇත. මුල් පිටින් ගෙනැවිත් රෝපණය කරන ලද අලංකාර මහා ගස්‌ මැළවුණු අතර ඒ වෙනුවට තවත් එවැනිම වගාවක්‌ කර ඇති අයුරු දැකිය හැකියි.

මොහොතක්‌ කල්පනා කර එම ක්‍රියාවලිය මෙහෙය වූවා නම්, ප්‍රදේශයට ආවේණික "මඩු" හෝ වෙනත් අපූරු ගස්‌ ගොන්නක්‌ ඉතා අඩු මුදලක්‌, වැය කර එහි රෝපණය කර අපූරු අලංකාරයක්‌ ඇති කළ හැකිව තිබුණේය. "මඩු" සදා හරිත හා අපුරු පෙණුමක්‌ සහිත වෘක්‌ෂයකි. තවද එම භූමියේ තන පිඩැලි අතුරා ඇත්තේත් මහජනයාගේ හැසිරීම් රටා හරි හැටි අධ්‍යනය නොකරන ලද අය බවද පෙනී යයි.

"අතනින් මෙතනින් පනින" ජනයා එම බිමේ අතුරා තිබු අපූරු තණ පිඩැලි පාගා විනාශ කර ඇත. නගරය අලංකාර කිරීමේ වැඩපිළිවෙළේ ඉදිරි කටයුතුවලදී බුද්ධිමත්ව හා දූරදර්ශීව ක්‍රියාකරන්නේ නම් මැනැවි.


ගෝවින්ද් - මහියංගනය
 

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.