2014 සැප්තැම්බර්  29 සඳුදා

 

 
 
    DIVAINA EDITOR

  CONTACT WEBMASTER

ඉන්දීය රුපියල් කෝටි 66කට වැඩි මුදලක්‌ නීති විරෝධීව ලබාගෙන
දවසට දෙවරක්‌ම හඳහන බලවා ගත් ජයලලිතා හිරේ!
* ඉඩම් අක්‌කර 200ක්‌ * රත්‍රං කිලෝ 32ක්‌ *සාරි 12,000ක්‌
* සපත්තු ජෝඩු 750ක්‌ පගා ගසා ඇති දේපළ අතර වෙයි
කෝටි 100 ක දඩයක්‌;
මහ ඇමැතිකමත් නැතිවෙයි
නව මහ ඇමැති පී.පනීර් සෙල්වම්
ඉන්දීය රුපියල් කෝටි හැටහයකට අධික මුදලක්‌ නීති විරෝධීව උපයා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වරදකාරිය යෑයි තීරණය කළ බැංගලෝර්හි විශේෂ අධිකරණය පෙරේදා (27 වැනිදා) ඇයට සිව් වසරක සිර දඬුවමක්‌ සහ රුපියල් කෝටි සියයක දඩයක්‌ද නියම කළේය.

පහේ ශිෂ්‍යත්ව හපන්නු
ඇඹිලිපිටිය කනිෂ්ඨ ද්විතීයික පාසලේ වෙත්තසිංහ ආරච්චිගේ වෙනුජ නිම්සත් ශිෂ්‍යයා ලකුණු 199 ක්‌ ලබමින් මෙවර ශිෂ්‍යත්ව විභායෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්ව සිටී.

සිංහල බෞද්ධ නව නායකයකු හඳුනාගෙන ජනාධිපතිවරණයට එනවා
බොදුබල සමුළුවේදී ගලගොඩඅත්තේ ඥනසාර හිමි කියයි

බොදු බල සේනා මහ සමුළුව ආරම්භ කරමින් එහි මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගල ගොඩඅත්තේ ඥන සාර හිමි ප්‍රමුඛ මහා සඟරුවන පොල්තෙල් පහන දැල්වූ අවස්‌ථාව.
පිංතූරය - නිමල් දයාරත්න

රත්නපුරේදී තරුණියකට අමානුෂික පොලිස්‌ ප්‍රහාරයක්‌!
දෙවියන් වන්නෙත් තිරිසන් වන්නෙත් මිනිසා මයි ලෝකේ
- ගායන ශිල්පී මොහිදින් බෙග්

පොලිස්‌ නිල ඇඳුමින් සැරසුණු නිලධාරියකු රත්නපුරය නගරයේ බස්‌නැවතුම්පළ ඉදිරිපිටදී තරුණියකට ඉතා අමානුෂික අයුරින් පහර දෙන වීඩියෝවක්‌ අන්තර්ජාලයට මුදාහැර තිබේ.

කෝටි 1 1/2 ක රන් බිස්‌කට්‌ සමඟ
ගුවන් තොටුපළ සේවකයා රේගු දැලේ

හොර රහසේ රට තුළට ගෙන ඒමට තැත් කළ කිලෝග්‍රෑම් තුනක්‌ බරැති රුපියල් එක්‌කෝටි පනස්‌ ලක්‍ෂයක රන් බිස්‌කට්‌ තොගයක්‌ සමඟ ගුවන්තොටුපළ සේවකයකු ඊයේ (28 දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

දිවයින  සැනෙකින් පුවත්

බොදුබල සේනා සංවිධානය විසින් කැඳවා තිබූ මහ සඟ සමුළුවට වැඩම කළ සංඝයා වහන්සේ ඊයේ (28 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට පෙර පරික්‌ෂාවට ලක්‌ කළ අයුරු.
ඡායාරූපය - කණිෂ්ක හේවගේ

ඌව මහ ඇමැති හා ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම හෙට
ඌව පළාත් නව මහ ඇමැති ඇතුළු ඇමැති මණ්‌ඩලය හෙට (30 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.

රංගේ ඇතුළු තිදෙනාට ඇප
කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඇතුළු තිදෙනකු ශරීර ඇප තුනක්‌ මත මුදාහැරීමට පුත්තලම වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (28 වැනිදා) නියෝග කළේය.

පාතාලයේ "කළු චූටි" වෙඩි කා නසී

මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදු කරමින් වැල්ලම්පිටිය ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටි "කළු චූටි" නමැති පාතාල ප්‍රබලයා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (28 වැනිදා) අලුයම මිය ගියේය.

යුද අනාථයන් ලෙස වවුනියාවට පැමිණි පවුල් 740 කට ස්‌ථිර පදිංචිය

1995 වර්ෂයේදී යුද අනාථයින් ලෙස වවුනියාවට පැමිණි පවුල් 740 කට අයත් අනාථ වැසියන්ව උතුරේ නෙඩුන්කේනි දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථිරව පදිංචිකරවීමට රජය පියවර ගෙන තිබේ.


 
  • පළාත් සභා, පාඩම් සහ ප්‍රතිඵල

    ඌව පළාත් සභා ඡන්දය නිම වීමත් සමගම පළාත් සභා නවයෙහි ම ඡන්දය අවසන් වී ඇත. අනෙකුත් පළාත් සභා ඡන්දවලට සාපේක්‍ෂව ඌවේ ඡන්දය වඩාත් උණුසුම් මුහුණුවරක්‌ ගත් අතර ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය 75% ක්‌ පමණ ඉහළ අගයක්‌ ගත්තේය. මෙම ඡන්ද ප්‍රතිඵල ගැන බොහෝ අය නොයකුත් විග්‍රහයන් කළ ද වඩාත් වැදගත් වන්නේ පසුගිය මැතිවරණ කිහිපයක්‌ සමග මෙම ප්‍රතිඵලය සැසදීමෙන් ඒ හරහා ඉදිරි ජනාධිපතිවරණයක දී ඇති වන තත්ත්වයන් පිළිබඳ විග්‍රහයක්‌ කිරීමයි.

  


 
  • ආසියානු ක්‍රීඩා උළෙලේ චීනයට
    රන් පදක්‌කම් වරුෂාවක්‌

    ශ්‍රී ලංකාවේ බොක්‌සිං පදක්‌කම් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

    දකුණු කොරියාවේ ඉංචියෝන් හිදී පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නව වැනි දහවැනි දිනය වූ ඊයේ (28 දා) සවස්‌ වන විට රන් පදක්‌කම් 101 ක්‌ දිනා සිටින චීනය අභියෝගයකින් තොරව තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

  

Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.