පහේ ශිෂ්‍යත්ව හපන්නු

නිලන්ත මදුරාවල

ඇඹිලිපිටිය කනිෂ්ඨ ද්විතීයික පාසලේ වෙත්තසිංහ ආරච්චිගේ වෙනුජ නිම්සත් ශිෂ්‍යයා ලකුණු 199 ක්‌ ලබමින් මෙවර ශිෂ්‍යත්ව විභායෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්ව සිටී.

ලකුණු 198 ක්‌ ලැබූ පොලොන්නරුව රාජකීය විදුහලේ හේරත් මුදියන්සේලාගේ මාලක නෙත්මල් තිලකරත්න දෙවැනි ස්‌ථානයට පත්ව සිටින අතර ලකුණු 197 බැගින් ලබමින් බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ ගලපිටගෙදර සහනි යසෝදරා ගුණසේකර සහ මාවනැල්ල සහිරා මධ්‍ය මහා විදුහලේ මොහොම්මදු නිස්‌මාර් µdතිමා සාමා යන ශිෂ්‍යාවෝ තෙවැනි ස්‌ථාන ලබා සිටිති.

ලකුණු 196 බැගින් ලබමින් අඟුණකොලපැලැස්‌ස අලුත්වැව ප්‍රාථමික විදුහලේ හරසින් විදානගමගේ අදීශ ආලෝක, බදුල්ල විහාරමහාදේවි බාලිකා මහ විදුහලේ වර්ණකුල එදිරිවීර පටබැඳිගේ දිලිනි නිසාරා, පොකුණුවිට කුළුපන කනිෂ්ඨ විදුහලේ ගිවන්දාදුර නිහිඳු නිසාර ද සිල්වා විඡේසිංහ, ගම්පහ යසෝදරා බාලිකා පර්ෂද විදුහලේ කරුණානායක ඕවිටිගලගේ චරිත්මි සෙනල්යා කරුණානායක සහ කොළඹ වෙස්‌ලි විදුහලේ කෝදන් ජයවීර පටබැඳිගේ රුචිර ෂෙහාන් ජයවීර යන සිසු සිසුවියෝ සිව්වැනි ස්‌ථානයට පත්ව සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.