රංගේ ඇතුළු තිදෙනාට ඇප

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නලින් හෙන්දුරුගොඩ - පුත්තලම

කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඇතුළු තිදෙනකු ශරීර ඇප තුනක්‌ මත මුදාහැරීමට පුත්තලම වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (28 වැනිදා) නියෝග කළේය.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප තුනක්‌ මත මුදාහැරීමට නියම විය.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඇතුළු තිදෙනාට නැවත ලබන මස 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරයා නියම කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.